මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ,සංශෝධන,යෝජනා ලිඛිතව භාර දෙයි

    අගෝස්තු 13, 2021

    මිශ්‍ර මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධාරණය කරයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සංධානය සහ පොදුජන එක්සත් පෙරමුණ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සිය යෝජනා ලිඛිතව (11) භාර දුන්නේය.

    අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරු එම යෝජනා සිය පක්ෂ වෙනුවෙන් කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දුන්හ. රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද මේ අවස්ථාවට එක්විය.

    වර්තමානයේදී මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් රටට අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීවේය. විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය බවත්, ජනාධිපතිධූරයට ද්විත්ව පුරවැසියන් පත්වීම වළක්වාලීමට නිසි ක්‍රමවේද සැකසිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනකදී පැවැත්වීමට ඇති හැකියාවත්, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය එකම දිනෙක පැවැත්වීමට ඇති හැකියාවත්
    පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. පළාත් සභා බලය විමධ්‍යගත කිරීමේදී දිස්ත්‍රික් සභා ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවද ජයසේකර මහතා මෙහිදී අවධාරණය කළේය.

    දේශපාලන පක්ෂ සන්ධාන ගත වීමේදී ඊට අදාළ අවබෝධතා ගිවිසුම් ඇතුළු ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට ලබා දීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් අදහස් දැක් වු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාරක සභාවේදී කීවේය. මැතිවරණවලදී සෑම පක්ෂයකටම සාධාරණ ප්‍රචාරණ අවස්ථා පැවතිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මැතිවරණ ප්‍රචාරණ වියදම් අවම කිරීම වෙනුවෙන් නව ප්‍රතිසංස්කරණ වලදී විශේෂ අවධානයක් යොමු විය යුතු බවයි. මුදල් වියදම් කර මැතිවරණ ජයග්‍රහණය කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයේදී මතුව ඇති අතර, එම තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පුළුල් අවධානයක් යොමු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසුවේ, සියලු ජන කොටස් වල අයිතීන් ආරක්ෂා වන
    පරිදි නව මැතිවරණ ක්‍රමවේදයක් රටතුළ ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි. රාජ්‍ය දේපළ අවභාවිත කිරීම වැලැක්වීමේ වැදගත්කමද මහාචාර්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    සුළුජන කොටස්වල අයිතීන් ආරක්ෂාවන පරිදි මැතිවරණ ක්‍රමය පැවතිය යුතු බව කාරක සභාවේදී අදහස් දැක්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.වතු කම්කරු
    ජනතාවගේ නියෝජනය තහවුරු කළ යුතු බවද ඔවුහු පැවසූහ.
    කාරක සභාවේදී අදහස් දැක් වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පැවසුවේ නිසි වේලාවට මැතිවරණ පැවැත්වීම ඉතා වැදගත් බවයි. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර, පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කළ යුතු බවටද ඔවුහු යෝජනා කළහ.
    ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මුස්ලිම් ජාතික සංධානය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සහ අරුණලු ජනතා පෙරමුණද කාරක සභාව හමුවේ යෝජනා ඉදිරිපත් කළේය.
    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්‍ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාද කාරක සභාව හමුවේ සිය යෝජනා ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු පැවසුවේ දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට නව ප්‍රතිසංස්කරණ වලදී පුළුල් අවධානයක් යොමු කළ යුතු බවයි. ලොව බොහෝ රටවල් විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයට යොමු වී තිබෙන අතර, නියාමන ව්‍යාපෘතියක් ලෙස එම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළද අත් හදා බැලිය යුතු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයෝ කාරක සභාවේදී යෝජනා කළහ.


    එමෙන්ම මීළඟ කාරක සභා රැස්වීම අගෝස්තු 18 වැනිදා පැවැත්වීමට නියමිත බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය පැවසුවාය.
    මෙම කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්‍ය ජී.එල් පීරිස්, එම්.යූ.එම් අලි සබ්‍රි යන මහත්වරුද, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ සහ සාගර කාරියවසම්, යන මහත්වරුද සහභාගි වූහ.
    මේ අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාව,සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya