මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසදීම- එළඹෙන සතියේ අදාළ වෘත්තීය සමිති වෙන වෙනම මුණගැසී සාකච්ඡා කිරීමට තීරණයක්

    අගෝස්තු 13, 2021

    ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ විශේෂ නිවේදනයයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීමට අදාලව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව (12) පෙරවරුවේ කොළඹ දී සිය පළමු හමුව පැවැත්විය.
    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධූරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන සාකච්ඡා පැවැත්විණි.

    මෙතෙක් ඒ සම්බන්ධව ගෙන ඇති පියවරයන් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත් කමිටුව, එළඹෙන සතිය තුළ අදාළ වෘත්තීය සමිති වෙන වෙනම මුණගැසී සාකච්ඡා කිරීමට තීරණය කළේය. අමාත්‍ය මණ්ඩලය තීරණයට අනුකූලව හැකිතාක් කඩිනමින් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටුව පියවර ගනු ඇත.

    කමිටුව වෙනුවෙන්,
    ඩලස් අලහප්පෙරුම (විදුලි බල අමාත්‍ය )
    විමල් වීරවංශ (කර්මාන්ත අමාත්‍ය )
    මහින්ද අමරවීර (පරිසර අමාත්‍ය )
    ප්‍රසන්න රණතුංග (සංචාරක අමාත්‍ය)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya