අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට අද සිට දින තුනක් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක්

    අගෝස්තු 10, 2021

    කොවිඩ් එන්නතේ ප්‍රථම මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි හා බරපතල රෝගාබාධ ඇති ජනයාට (10) සිට දින තුනක් එන්නත් ලබාදීමට පියවර ගෙන තිබේ.

    කොවිඩ් වසංගත වෛරසයෙන් ආරක්ෂා වීමට මේ වනවිට තිබෙන එකම විසඳුම ලෙස එන්නත්කරණය බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

    මේ වනවිට දිවයින පුරා සාර්ථක ලෙස එන්නත්කරණය සිදුකරමින් සිටියි. විශේෂයෙන් එන්නත ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් සඳහා එන්නත් ලබාදීමට ප්‍රමුඛතාවක් දී ඇත. එමෙන් ම අනෙකුත් වයස් සීමා සඳහා ද ලබාදෙන එන්නත්කරණය වේගවත් කර තිබේ.

    කොවිඩ් 19 මර්දන එන්නත මෙතෙක් ලබානොගත් පුද්ගලයින් 1906 දුරකතන අමතා ලියාපදිංචි වී එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

    බස්නාහිර පලාතේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශ වල වයස අවුරුදු 60ට වැඩි සහ රෝගාබාධ වලින් පෙළෙන්නන් ආදී සෑම කෙනෙකුටම දින 03 තුළදී එන්නත ලබාදීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

    එන්නත් ඕනෑ තරම් පවතින අතර අවශ්‍ය පහසුකම්ද කිසිදු අඩුවකින් තොරව සැපයිය හැකි බව අවධාරණය කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, මෙම වැඩපිළිවෙල යටතේ බස්නාහිර පළාතේ එන්නත් ලබාදීමට මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවද ඒ මහතා කියයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya