අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීප ව්‍යාප්තව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සුර්ය ශක්තියෙන් බල ගැන්වීමේ ජාතික වැඩසටහන ඇරඹේ

    අගෝස්තු 09, 2021

    දීප ව්‍යාප්තව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සුර්ය ශක්තියෙන් බල ගැන්වීමේ ජාතික වැඩසටහන ඇරඹේ

    පරිසර හිතකාමී සූර්යකෝෂ භාවිතය ශ්‍රී ලංකාව වැනි සූර්ය තාපය බහුලව ලැබෙන රටකට විදුලි අවශ්‍යතාවය ජනනය කිරීම සදහා භාවිතා කළ හැකි ජනප්‍රිය විකල්පයකි. එමගින් ගෘහස්ත හා ආයතනික විදුලිබල අවශ්‍යතාවයන් අවම පිරිවැයකින් සපුරා ගත හැකිය.

    නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු ආයතන වල සුර්ය කෝෂ ස්ථාපනය කරමින් පරිසර හිතකාමි සූර්ය බලශක්තියෙන් විදුලිය උත්පාදනය කරමින් එම ආයතන ක්‍රියාත්මක කිරිම පිලිබදව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ අවධානය යොමු වු අතර අමාත්‍යතුමියගේ ඉල්ලීම මත ඒ සම්බන්ධ සාකච්ඡාවක් (06) සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමග සුනිත්‍ය බල ශක්ති අධිකාරි පරිශ්‍රයේ පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය

    '' අපි ස්තුතිවන්ත වෙනවා දුමින්ද දිසානායක අමාත්‍යතුමන්ට, කෙටි දැනුම් දීමකින් මේ පිළිබඳව සාකච්ඡාවක් ලබා දීම පිළිබඳව. අතිගරු ජනාධිපතිතුමන්ගේ තීන්දු තීරණ යථාර්ථයක් බවට පත් කිරීමේ මෙම ක්‍රියාවලියේ එක් අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව සලකිය හැකියි. අපේ සමහර ආයතනවල දැනටමත් ආරම්භ කරලා තියනවා මෙම වැඩපිළිවෙළ. කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ වන විටත් එතුමාගේ ආයතනික වපසරිය තුළ ආයතනවලට සූර්ය බල ශක්තිය ලබා දීම පිළිබඳ වැඩපිළිවෙළක්. ඒ අනුව එයට සහයෝගය දෙන්න මට හිතුණා. එතුමන්ලා ගන්නාවු තනි තනි උත්සාහයන්වලට අමාත්‍යාංශ මට්ටමින් සහයෝගය ලබා දිය යුතුයි. අපේ වෘත්තීය පුහුණු ආයතන රාශියක් තියනවා. ඒවායේ විශාල වපසරියක් සමග විශාල ඉඩම් ප්‍රමාණයක් තියනවා අපට. ඒ නිසා අපට මෙම සූර්ය බල ශක්තිය ලබා ගැනීමේ වැඩිපිළිවෙළ මැනවින් ක්‍රියාත්මක කළ හැකියි.''

    ඒ අනුව අදහස් දැක්වූ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා

    ''අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී මගෙන් ඉල්ලීමක් කළා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල සූර්ය බල ශක්තිය භාවිතා කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙස. මෙයින් විශාල මුදලක් රජයට ඉතිරි කර ගැනීමේ හැකියාව පවතිනවා. මෙය ක්‍රියාත්මක අවශ්‍ය සහයෝගය අපට ලබාදෙන්න පුළුවන් ඒ වගේම වෘත්තීය පුහුණු ආයතන හරහා මෙම ක්ෂේත්‍රයට හොද වෘත්තීය පුහුණුවක් ඇති කරන්න ඕන''

    ඒ අනුව මෙහි පලමු අදියර වශයෙන් තෝරාගත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන කිහිපයක සුර්ය කෝෂ පද්ධති නොමිලේ සවි කරදීමට ඒකගත්වය පල කළ කරන ලදි. මේ වන විට ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය (NAITA) මගින් කෙරිගෙන යන සුර්ය ප්‍රකාශ වොල්ටීයතා තාක්ෂණ ශිල්පි (Solar photovoltaic systems technician) NVQ 3 හා NVQ 4 මට්ටමේ පාඨමාලා තවදුරටත් ශක්තිමක් කරමින් විදුලිකාර්මිකයන් දසදහසක් බිහිකිරිමට මෙම සාකච්ඡාවේදි අවධානය යොමු විය

    කෙටි කාලීන පාඨමාලා ලෙස ක්ෂේත්‍රයේ අවශ්‍යතාව අනුව ආධුනිකයින් පුහුණු කිරීම ආරම්භ කිරීමට මෙන්ම පුහුණුව අවසානයේ රැකියාව සුරක්ෂිත කිරීමට තීරණය කෙරිණි . නුදුරේදී එයට අවශ්‍ය අවබෝධතා ගිවිසුම අමාත්‍යාංශ අතර අත්සන් කැරෙනු ඇත. එයට අමතරව ඔවුන්ට සුදුසු ආරක්ෂික ඇදුම් (overall kit) සහ උපකරණ කට්ටල (Tool kit) ලබාදීමට කටයුතු යොදනු ලැබේ .

    සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ආරම්භ කරන සුර්ය කෝෂ සවිකිරිමේ ව්‍යාපෘති සදහා වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා අවසන් වන ආධුනිකයින් එක්කරගනිමින් ක්ෂේත්‍ර පුහුණුව ලබා දීමටත් අවසානයේදි රැකියා ලබාදීමටත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම සාකච්ඡාවේදි එකගතාවය පල කරන ලදි.

    මෙම අවස්ථාව සඳහා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය, සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති සුලක්ෂණ ජයවර්ධන ඇතුඵ වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරිමේ දෙපාර්තුමේන්තුව යන ආයතන වල ප්‍රධානීන් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya