මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය මර්ධනයට රජය කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නෑ - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජූලි 07, 2021

    ජනාධිපතිතුමා, ප්‍රමුඛ රජය මාධ්‍ය මර්ධනයට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

    එක් පෞද්ගලික රූපවාහිනී නාළිකාවකට එරෙහිව රජය විසින් කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අපක්ෂපාතී මාධ්‍ය වාර්තාකරණය කළ රිචඩ්ද සොයිසා වැනි මාධ්‍යවේදින්ට අද වන තුරුත් සිදු වූ දෙයක් නොමැති බව පෙන්වාදුන් වෙළෙඳ අමාත්‍යවරයා, වත්මන් රජය කිසිදු මාධ්‍ය ආයතනයක් මර්ධනය සඳහා කටයුතු කරන්නේ නැති බව සඳහන් කළේය.

    රජය, මාධ්‍ය නිදහසට ගරු කරන බවත් ප්‍රබුද්ධ මාධ්‍ය කලාවක් උදෙසා රජය සෑම අවස්ථාවකම ඉඩ ප්‍රස්ථා ලබා දෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, කඩා වැටුණු ආර්ථිකයක් නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන ජනාධිපතිවරයාට එරෙහිව දිනපතාම කරන මෙවැනි ප්‍රකාශ, හෙළා දකින බව පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya