මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය කණ්ඩායම්වලට අසාධාරණයක් සිදු නොවන පරිදි ඔවුන්ගේ ඉල්ලීම්වලට ජනපති මැදිහත් වීමෙන් විසඳුම් ලබාදෙනවා-අමාත්‍ය රමේෂ් පතිරණ

    ජූලි 06, 2021

    සියලුම වෘත්තිකයින්ට, වෘත්තීය කණ්ඩායම් වලට අසාධාරණයක් සිදු නොවන පරිදි ඔවුන්ගේ ඉල්ලීම්වලට ජනපති මැදිහත් වීමෙන් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි
    කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවේ දී මේ බව කියා සිටියේය.

    හෙඳ වෘත්තීය සමිති විසින් ඉල්ලීම් මුල්කරගනිමින් වැඩවර්ජනවල නිරත වීම නිසා රෝහල් ප්‍රතිකාර සහ කොවිඩ් ප්‍රතිකාර වලට බලපෑම් එල්ල වී තිබෙන විටෙක ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීම පිළිබඳව ඊයේ
    (05) දින කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වුයේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව කියා සිටියේය.

    ඒ අනුව, සියලුම වෘත්තිකයින්ට අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ගේ ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී තිබෙන බවත්, නිශ්චිත කරුණු ඇතුළත් එම සංදේශය ඉදිරියේ දී නිකුත් වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya