මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි එල් කලාපයේ වැව් 47 ක් ප්‍රතිසංස්කරණයට පියවර

    ජූලි 06, 2021

    ''වාරි සෞභාග්‍යා'' වැඩසටහන යටතේ මහවැලි එල් කලාපයට අයත් වැලිඔය ප්‍රදේශයේ වාරි ජලාශ 47 ක් ප්‍රතිසංස්කරණය ආරම්භ කර තිබේ.

    මහවැලි එල් කලාපයට අයත් වැලිඔය ප්‍රදේශයේ වාරි ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පසුගියදා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    වැලිඔය කල්‍යාණි පුර , නාමල් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ.

    මෙම වැව් ප්‍රතිසංස්කරණය සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 52 කි . වැලිඔය ප්‍රදේශයේ වගා කටයුතු සිදු වන්නේ මහ කන්නයට පමණක් වන අතර නව වාරි පද්ධති ප්‍රතිසංස්කරණය මඟින් යල කන්නයේ කුඹුරු ඉඩම් වගා කිරීමට අවශ්‍ය ජලය නිකුත් කිරීම ට හැකිවන බව මහවැලි වාරි ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

    රුපියල් මිලියන 10 ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කෙරෙන නාමල් පුර වැව, යටතේ අක්කර 60 ක කුඹුරු ඉඩම් වගා කිරීමට අවකාශ සැලසේ. එමෙන්ම රුවන්මඩුව වැව සහ කුඩා දික් වැව නිරීක්ෂණය කළ සිරිපාල ගමලත් මහතා මෙම වැව් කඩිනමින් පුනරුත්ථාපනය කර , ගොවීන්ට අවශ්‍ය ජලය නිකුත් කිරීම ට, කටයුතු කරන ලෙස නිලධාරීන් ට උපදෙස් දුන්නේ ය.

    මෙම සංචාරය සඳහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කාදර් මස්තාන් මහතා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමරත්න සුමතිපාල මහතා
    , මහවැලි පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු ටී. රණසිංහ මහතා , මහවැලි එල් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කුමාර රතන හේරත් මහතා ඇතුළු මහවැලි
    නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya