මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත කමල් රත්වත්තේ මහතාගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි

    ජූලි 06, 2021

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අභාවප්‍රාප්ත කමල් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු (4) දින බොරැල්ල කනත්තේ දි සිදුකරන ලදි.

    දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, කමල් රත්වත්තේ මහතාගේ බිරිඳ කමලිනී රත්වත්තේ, පුතා හා දියණිය,මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඥාතීන් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

    අවසන් කටයුතු කිරිමට පෙර ප්‍රධාන අනුසාසනාව කටයුතු සිදුකරන ලද්දේ රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යයතන පිරිවෙනේ අධ්‍යක්ෂ පූජ්‍ය දම්පහළ සීලානන්ද නාහිමියන් හා ආගමික වතාවත් තිඹිරිගස්යාය අශෝකාරාමාධිපති පුජ්‍ය ගැටහැත්තේ සෝරත නාහිමියන් විසින් සිදුකළහ.

    අභාවප්‍රාප්ත කමල් රත්වත්තේ මහතා 2019 දෙසැම්බර් මස සිට මියයන මොහොත දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙස කටයුතු කළේය. එම කාලය තුල විදේශ රැකියා ලාභින් වෙනුවෙන් විශාල සේවාවක් සිදුකල අතර, කොවිඩ් වසංගත කාලය තුල අඛණ්ඩව කාර්යාංශයේ සේවාවන් විගමණික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ඉටුකරන ලදි. කොවිඩ් වසංගත කාලය තුල විදේශ රටවල සේවය කරමින් සිටියදි එම රෝගයෙන් මියගිය අය වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාදිමට විශේෂ වැඩ පිළිවෙලක් සකස් කිරිම ඒ අතර වැදගත් වේ. රැකියා නිමකර ආපසු පැමිණෙන ශ්‍රමිකයන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපනය කිරිම, රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයන්ට කොව්ඩ් මර්ධන එන්නත් ලබාදීමට පහසුකම් ඇති කිරිමද කැපි පෙනේ.විදේශ රැකියා ක්ෂෙත්‍රෙය් ඉදිරි කාලය වෙනුවෙන් පස් අවුරුදු සැලැස්මක් සැකසිම, විදේශ රැකියා සඳහා පිටත්විමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් වෙනුවෙන් නවින වාත්තිය පුහුණු අවස්ථා ඇති කිරිමටද කමල් රත්වත්තේ මහතා සිය සේවා කාලයේදි පියවර ගත්තේය.

    ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ උප සභාපති ලෙස ද, ජාතික රක්ෂණ සංස්ථාවේ කි‍්‍රයාකාරි අධ්‍යක්ෂක ලෙස සහ රත්නපුර ශ‍්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද ඒ මහතා කටයුතු කර තිබේ.දිවංගත ගරු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොයුරෙකු වූ ක්ලිෆර්ඩ්‍ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකු වූ කමල් රත්වත්තේ මහතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya