මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාතේ 60 ට වැඩි පිරිස් සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉදිරි දින තුන ඇතුළත

    ජූනි 29, 2021

    බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉදිරි තෙදින තුල සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා පවසයි.

     

    ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කරන එන්නත් මධ්‍යස්ථානය තුල දී එම එන්නත ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, එම එන්නත් ලබාගැනීමේ මධ්‍යස්ථාන පිළිබදව ඔබ අයත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අමතා එන්නත් මධ්‍යස්ථානවල විස්තර ලබාගත හැකි බවද විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya