මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා සදහා ඉහළ නිපුණතාවයෙන් බල ගැන්වූ ශ්‍රමිකයන් සූදානම් කිරීමේ ජාතික වැඩසටහනක්

    ජූනි 28, 2021

    විදේශ රැකියා සදහා ඉහළ නිපුණතාවයෙන් බල ගැන්වූ ශ්‍රමිකයන් සූදානම් කිරීමේ ජාතික වැඩසටහනක් ඇරඹේ.

    විදේශයන් හි පවත්නා විවිධ වෘත්තීන් 25ක ඉල්ලුමට සරිලන පරිදි මෙරට තරුණ තරුණියන් ලක්ෂයක්(100,000) ඉහළ වෘත්තීක නිපුණතාවයන් සහිතව එම රැකියා සඳහා සූදානම් කිරීමේ ජාතික වැඩසටහනක් ඇරඹේ.

    කම්කරු අමාත්‍යංශය සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

    ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (25) කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවැත් වුණි.

    සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ  (IOM) ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන ප්‍රධානී සරත් ධාෂ් මහතා ඇතුළු එම සංවිධානයේ  නියෝජිත පිරිසක් සමඟ පැවති  මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ , විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.අරුමෛනාහම් ඇතුළු නිලධාරි පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

    මෙහිදී අදහස් දැක්වූ  IOM සංක්‍රමණ අංශ ප්‍රධානී ශාන්ත  කුලසේකර මහතා පෙන්වා දුන්නේ ඉහළ නිපුනතාවයෙන් යුක්ත ගෘහ පාලිකාවක් හතළිස් දහසක් (40,000) සහ වෙනත් වෘත්තීන් සඳහා 60,000ක පමණ පිරිසකට විදේශ රටවල මේ වනවිට ඉල්ලුමක් ඇති බවය.එහිදී වෘත්තීය නිපුණතාවය පළපුරුද්ද සේම ඒ රටවල භාෂා දැනුම එම පිරිස් වලට අත්‍යවශ්‍ය සාධකයක් බවය.මෙම වැඩසටහන වසර හතරක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිතය.එම පුහුණුව නොමිලේ ලබාදීමට සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය  (IOM) මෙහිදී එකඟතාවය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya