මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ හා ඡන්ද විමසී‍ම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ යෝජනා

    ජූනි 28, 2021

    මෙරට පවතින මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු හා පළාත් මට්ටමින් කාන්තාවන් සඳහා 30%-70% අතර නියෝජනයක් සහතික කිරීමේ යෝජනාවක්
    මැතිවරණ හා ඡන්ද විමසී‍ම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලිඛිතව දැනුම් දීමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී තීරණය කෙරිණි.


    මීට අමතරව පළාත් පාලන මට්ටමේ ඡන්ද 25% කෝටාව නොවෙනස්ව පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා වන යෝජනාවක්ද, සියලු දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුවෙන් 50% ක් කාන්තාවන් සඳහා
    වෙන් කිරීමට මැතිවරණ නීති රීති වලට එක් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද තීරණය කරන ලදී.

    මෙම කරුණු යෝජනා වූයේ ,රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයයේ රැස්වීමේදීය. එමෙන්ම සියලු කොමිෂන් සභා සහ මණ්ඩල සඳහා කාන්තා නියෝජනය ඉහළ නැංවීමට කටයුතු කිරීමද, ප්‍රධාන පක්ෂ ව්‍යුහ ධූරාවලිය තුළ නායකත්ව තනතුරු, කමිටු තනතුරු,විධායක තනතුරු සහ කාරක සභා සාමාජිකත්වය හෙබවීම සඳහා අවස්ථාව සැලසීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡාවට ලක් විය.

    මැතිවරණ ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා ප්‍රමාණවත් නීති පැනවීම ආදී කරුණු පිළිබඳවද, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සිය වත්කම් හා බැරකම් වාර්ෂීකව ප්‍රකාශයට පත් කීරීම අත්‍යවශ්‍ය බව ද පැරණි මනාප ක්‍රමය නැවත වෙනස් කිරීමට බලාපොරොත්තු වන්නනේ නම් නිශ්චිත නාම යෝජනා සංඛ්‍යාවක් කාන්තාවන්ට ලබා දීම ආදී කරුණු පිළිබඳව ද කාන්තා මන්ත්‍රීවරියන්ගේ රැස්වීමේදී තවදුරටත් සාකච්ඡා විය.

    මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන් විසින් ඉදිරිපත් කළ යෝජනා තව දුරටත් සාකච්ඡා කර ඉදිරියේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුතු මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති වල අඩුපාඩුකම් හඳුනාගැනීම සඳහා වන මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යොමු කිරීමට නියමිතය.

    පාර්ලිමේන්තුවේදි පැවති කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය සඳහා සභාපති , රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී  රෝහිණි කුමාරි විජේරත්න ,
    පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය , පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මංජුලා දිසානායක මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා ද සොයිසා මහත්මිය ආදී හු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya