මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය විසින් ආරම්භ කර තිබෙන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් කොවිඩ් නිසා අතරමඟ නතර කළ යුතු නෑ

    ජූනි 12, 2021

    රජය විසින් ආරම්භ කර තිබෙන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් කොවිඩ් 19 වසංගත තත්ත්වය හෝ වෙනත් හේතු නිසා අතරමඟ නතර කිරීමට පියවර නොගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.

    විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම් කටයුතු මෙන්ම රජය විසින් ආරම්භ කර ඇති වෙනත් සංවර්ධන කටයුතුවල දී ඒ සඳහා අවශ්‍ය වැලි, කළුගල් හා පස් කිසිදු හිඟයකින් තොරව සැපයීමට අවශ්‍ය මුළික පහසුකම් සැකසීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වගකීමක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සඳහා වැලි, කළුගල් හා පස් සපයන සමාගම් කිහිපයක් ඒවා අඛණ්ඩව සැපයීමට පැන නැගී ඇති අපහසුතා සම්බන්ධව අමාත්‍යවරයා සමග පසුගියදා (09) සාකච්ඡා කළේය. මෙම සාකච්ඡාව පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    රජයේ සේවය කරන ඇතැම් නිලධාරීන් කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රජය විසින් පනවා තිබෙන සංචරණ සීමා නිවෙසට වී සිටීම සඳහා හේතුවක් කර ගෙන ඇති බව ප්‍රකාශ කළේය. එහෙත් අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුලු සියලු අමාත්‍යවරු මෙම වසංගත තත්ත්වය හේතුවක් කර නොගනිමින් සාමාන්‍ය පරිදි සේවා කටයුතුවල නිරතව සිටිති. නමුත් මෙම වසංගතය හේතුවෙන් රට තුළ සිදු කෙරෙන කිසිදු සංවර්ධන කටයුත්තක් අඩපණ වීමට රජය ඉඩ නොතබන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සඳහා බලපත් ලබා දීමේ දී රජයට අයවිය යුතු මුදල් නීත්‍යානුකූලව හා විදිමත් ව ගෙවීමට පියවර ගැනීම අදාල සමාගම්වල වගකීමකි. ඉන් අනතුරුව එම සමාගම්වලට කිසිදු බාධාවකින් තොරව හා කාර්යක්ෂමව අවශ්‍ය බලපත් ලබා දීම සඳහා වැඩ පිළීවෙළ සකසන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට දැනුම් දුන්නේය.

    “රජය විසින් 2025 දක්වා ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 13ක් ආරම්භ කර තිබෙනවා. අපි ගණන් බලා ඇති ආකාරයට මෙම ව්‍යාපෘති සඳහා කළුගල්, වැලි හා පස් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය තරම් කළුගල් තිබුනත් වැලි සපයා ගැනීමේ දී යම් ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස මුහුදු වැලි යොදා ගැනීම සම්බන්ධව ද සොයා බලන්නැයි” අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya