මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචරණ සීමා ජුනි මස 21 වන දින දක්වා දීර්ඝ කරයි

    ජූනි 11, 2021

    එළඹෙන 14 දින දක්වා බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා ඉවත් නොකොට ලබන ජුනි මස 21 වන දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (11) ප්‍රකාශ කළේ ය.

    ඒ අනුව මෙම කාලසීමාවේ දී ද අත්‍යාවශ්‍ය සේවා එලෙසම ක්‍රියාත්මක බව ද යුද හමුදාපතිවරයා පැවසිය.

    අත්‍යාවශ්‍ය ආහාර,ජංගම රථ මඟින් අලෙවි කිරීම්,ඉදිකිරීම් කටයුතු කරන ස්ථානවල කටයුතු එලෙසම කරගෙන යාමටත්,ඇගලුම් හා කර්මාන්තශාලා වැඩකටයුතු කරගෙන යාමටත්,කෘෂි කර්මාන්තයේ නියැලීමටත් අවසර ලබා දී තිබෙන බවත් පැවසීය.

    බස්නාහිර පළාතෙන් පිට ගම්මානවල සතියේ එක් දිනක සති පොළ පැවැත්වෙන අතර එම පොළවල්වල ජනතාව විශාල ලෙස ජනතාව එක් රැස් නොවී පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සළසන බවත් ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබීමට කටයුතු කරන බවත් එම දින ඉදිරියේ දී දැනුම් දීමට රජය කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya