මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් මුදල් සංචිත සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නෑ

    ජූනි 11, 2021

    රටේ විදේශ විනිමය සංචිත මේ වන විට පවතින්නේ ඇමරිකන් ඩොලර් බිලියන 04කට වඩා වැඩි මට්ටමකින් බවත් මෙම වසර අවසන් වන විටත් එම සංචිත ඩොලර් බිලියන 04කට වඩා වැඩි තත්වයකින් පවත්වා ගැනීමට හැකියාවක් ඇතැයි අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි.

    මෙරට ආර්ථිකයේ ඉදිරි තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(11) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව පැවසුවේ මෙරට විදේශ සංචිත හිඟයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට අනුවය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ මෙම විදේශ සංචිත ප්‍රමාණය සඳහා චීනයෙන් ලැබුණු ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් වන හුවමාරු ණය, ඉදිරියේදී ඉන්දියාවෙන් සහ බංගලිදේශයෙන් ලැබීමට නියමිත විදේශ හුවමාරු ණය වැනි විදේශ මුදල් සඳහන් කර නොමැති බවයි.


    එමෙන්ම විදේශ අපනයන සම්බන්ධයෙන් හා සේවා සැපයීම් මගින් මෙරටට විදේශ මුදල් ලැබීමට නියමිත බවත්, ඉදිරියේදී අපේක්ෂිත ඍජු විදේශ ආයෝජන හරහා මුදල් ලැබීමට නියමිත බවත්, විදෙස් මුදල් සංචිත සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් ඇතිකර නොගත යුතු බවත්, චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya