මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනතුරට පත් MV X-Press Pearl නෞකාව දෙකඩවීමේ අවධානමක් නෑ- නාවික හමුදාපති

    මැයි 28, 2021

    අනතුරට පත් MV X-Press Pearl නෞකාව දෙකඩවීමේ අවධානමක් නොමැති බවත්, මේ වන විට ශ්‍රී ලංකාවේ සහයට ඉන්දියානු වෙරළාරක්ෂණ බලකායේ නෞකා දෙකක් පැමිණ ඇති බවත් හදිසියේවත් ගිනිගන්නා නෞකාවෙන් තෙල් කාන්දුවීමක් සිදුවීමට පටන් ගතහොත් ඒ සම්බන්ධයෙන් හදිසි ක්‍රියාකිරීමට මෙමගින් හැකියාව තිබෙන බවත්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පවසයි.

    අනතුරට පත් MV X-Press Pearl නෞකාව පිළිබඳ වත්මන් තත්වය පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පරිශ්‍රයේ අද (28 දා) පැවති මාධ්‍ය හමුවකදී නාවික හමුදාපතිවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වන නාවික හමුදාපතිවරයා පවසන්නේ, බොහෝ දුරට නැවෙහි ගිනි නිවීම් ඉතා සාර්ථක මට්ටමින් කරගෙන යන බවත්, මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා නාවික සමුදාව විසින් මේ සඳහා භාවිත කළ හැකි විශාලම ඩෝරා යාත්‍රාව හා තවත් යාත්‍රා කීපයක් යොදවා ඇති බවත්, ගුවන් හමුදාවද ගුවනින් ගින්න මැඩපැවැත්වීම සඳහා සියලු කටයුතු සිදුකරන බවත්ය.

    එමෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකායට තෙල් කාන්දුවීම් සම්බන්ධයෙන් මෙහෙයුම් සිදුකිරීම සඳහා විශේෂ හැකියාවක් තිබෙන හෙයින් තෙල් කාන්දුවීම් වැනි සිදුවීමක් වුවහොත් ඔවුන්ගේ සහයද ලැබෙනු ඇතැයිද නාවික හමුදාපතිවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya