මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    MV X - press pearl ගිනි ගැනීම- සමුද්‍ර හා වෙරළ පරිසරයට හානි සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

    මැයි 28, 2021

    ගිනි ගැනීමට ලක්ව තිබෙන MV X - press pearl නෞකාවෙන් සමුද්‍ර හා වෙරළ පරිසරයට හානි සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු අය පිළිබඳව ඉදිරියේ දී පුර්ණ විමර්ශනයක් පවත්වා නීතිමය කටයුතු කිරීමට රජය කටයුතු කරන බව අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

    අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    මෙම නෞකාව අවස්ථා දෙකකදි වෙනත් රටවල වරාය දෙකකට ඇතුළ් වීමට උත්සහ කීරිමේ දී එම රටවල් ප්‍රතික්ෂේප කර ඇති බවට පැතිර යන ප්‍රචාරය තමා ප්‍රතික්ෂේප කරන බවත්,මෙම නෞකාව ලංකා මුහුදු සීමාවට ඇතුළු වු පසුව ද කිසිදු දෝෂයක තිබෙන බවට පෙර දැනුම් දීමක් සිදු නොකළ බව ද අමාත්‍යවරයා කීය.

    එසේ්ම,මාධ්‍යවේදීයෙකු නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ,ගිනි ගැනීමකට ලක්ව ඇති මෙම නෞකාව මේ මොහොත වන විට මුහුදු බත් වීමේ අවධානමක් නොමැති බව ද සඳහන් කළේ ය.

    එමෙන් ම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සමුද්‍රීය පරිසරයට මෙන් ම වෙරළට බරපතල අවධානම් තත්වයකට පත්ව තිබෙන බවද සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya