මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමුද්‍රීය වෙරළට සිදුව තිබෙන හානිය පරිසර ඇමැති සොයා බලයි

    මැයි 28, 2021

    ගිනි ගැනීමට ලක්ව තිබෙන MV X-PRESS PEARL නෞකාවෙන් අපද්‍රව්‍ය වෙරළට ගසා ගෙන පැමිණීම හේතුවෙන් සමුද්‍රීය වෙරළට සිදුව තිබෙන හානිය පිළිබඳව නිරීක්ෂණය කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (27) සරුක්කුව ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් විය.

    නැවේ සිට වෙරළට ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය වලින් විශාල පාරිසරික හානියක් සිදුව තිබෙන බවට පරිසර අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

    මේ සම්බන්ධව වහාම පාරිසරික හානි ඇස්තමේන්තුවක් සකස් කරන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරිය ට උපදෙස් ලබා දී තිබේ.

    එමෙන්ම සිදුව ඇති පරිසර හානිය සම්බන්ධයෙන් අදාළ නැව් සමාගම හා රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා කර හානිය අය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය.

    එමෙන්ම නැව විනාශවීමට ලක් වුවහොත් නැවේ ඉන්ධන සාගර ජලයට මුසුවීම නිසා විශාල පාරිසරික හානියකට මුහුණ දීමට සිදුවන බවත් ඇමැතිවරයා සඳහන් කළේ ය.

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා හා ලසන්ත අලගියවන්න යන මහත්වරු , අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya