අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවතින වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කර ජනතාව පීඩාවට පත් කරන වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

    මැයි 28, 2021

    රජයෙන් කිසිදු ආධාරයක් නොලබන අසරණ පවුල් සඳහා දීමනාවක් ලබා දීමේ වැඩ පිළිවෙළක් ....

    රජය විසින් පනවා ඇති සංචාරණ සීමා කාලසීමාව තුළ ජනතාව පීඩාවට පත් කරමින් වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන කළු කඩ වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සංචාරක අමාත්‍ය
    ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මිනුවන්ගොඩ ( 27) පෙරවරුවේ පැවැති කොවිඩ් කමිටු රැස්වීමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ඉදිරියේ දී සංචාරණ සීමා තවදුරටත් දැඩි කිරීමට සිදුවන හෙයින් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.:-

    සෑම අවස්ථාවකම අපට සිද්ධ වෙන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි කටයුතු කරන්නයි. අප අද මුහුණ දෙන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා. පලවෙනි අභියෝගය තමයි දැනට පවත්වාගෙන යන සංචාරක සීමා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම.දැනට තිස් එක් වෙනිදා ලිහිල් කරන්න තීරණය කරගෙන තිබුණත් එය වෙනස් වීමට ඉඩ තිබෙනවා. හතරවෙනිදත් සමහරවිට සංචාරක සීමා ලිහිල් කරන එකක් නැහැ. හතර වෙනිදායින් පස්සෙත් දින කිහිපයක් සංචාරක සීමා ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබෙන නිසා අපි සූදානම් වෙන්න ඕනේ.

    ගම්වල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙවල් වලටම ලැබෙන විදිහක් සකස් කරන්න අපට වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපි පහුගිය දවස්වල ග්‍රාමීය කමිටුව රැස් කරලා ගමේ තැන් දෙකකින් කඩ දෙකක් හඳුනා ගැනීමක් කරලා විවෘතව තැබීමටයි යෝජනා වුණේ . ඊට අමතරව ජංගම සේවා වලට ප්‍රමුඛතාවයක් දීම වැදගත්. එහෙම කරගන්න පුළුවන් වුණොත් ගමේ කිසි කෙනෙකුට එළියට බහින්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ යෝජනා කරපු ක්‍රමවලට ප්‍රාදේශීය ලේකම්තුමිය අවශ්‍ය අවසරය ලිපියකින් ලබා දෙනවා. එම වෙළඳ සැල් වලට ග්‍රාමීය කමිටුවෙන් අවසරය ලැබිලා තිබෙන නිසා ඒම වෙළඳසැල්වල අවශ්‍ය බඩු තිබෙනවාද අඩු මිලකට ජනතාවට බඩු ලබා දෙනවාද කියලා වගකීම ග්‍රාමීය කමිටුව සතුයි.

    කළු කඩ කාරයින්ට අවශ්‍ය විදිහට කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ.එවැනි පැමිණිල්ලක් ප්‍රාදේශීය ලේකම්තුමියට ලැබුණහොත් වහාම ඒ ගැන සොයා බලා .දැඩි පියවර ගන්න කියලා ප්‍රාදේශීය ලේකම්තුමිය දැනුවත් කොට තිබෙනවා. හඳුනාගත් වෙළඳසැල් දෙකට අමතරව තවත් වෙළඳසැල් දෙකක් නම් කොට තබා ගත යුතුයි. හදිස්සියෙවත් නීති විරෝධී ආකාරයට කටයුතු කළ වෙළඳ සැලක් තිබේ නම් එම වෙළඳසැල ඉවත් කොට නම් කරන ලද වෙළඳසැලක් ඒ වෙනුවට විවෘත කරන්න කටයුතු කරනවා.

    ජනතාවට බරක් නොවෙන විදිහට කටයුතු කරන්න එම වෙළඳ සැල් කටයුතු කළ යුතුයි. ඒ වගේම ජංගම සේවා පිලිබඳවත් ඒ ආකාරයෙන්ම කටයුතු කරනවා. වැඩි මිලට බඩු විකුණන වෙළෙදුන් ට විරුද්ධව පාරිභෝගික සේවා නියෝජිතයින් ට පැමිණිලි කළ හැකියි . ඔවුන්ගේ දුරකතන අංක ග්‍රාමීය කමිටු නියෝජිතයින්ට ලබාදී තිබෙනවා. කළු කඩ කාරයින්ට අවශ්‍ය විදිහට කටයුතු කරන්න දෙන්න බැහැ .

    ඒ අතරතුර දී අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වුනොත් ඒ අයට බඩු ගෙන්වා ගැනීම සඳහා ක්‍රම දෙකක් සකස් කොට තිබෙනවා. වැලිසර සහ වේයන්ගොඩ කියන මහා පරිමාණ තොග වෙළඳුන් භාණ්ඩ ලබා ගන්නා තැන් සහ පොළවල් වල වෙළෙන්දන් බඩු ලබා ගන්නා ස්ථානයන් වලින් අවශ්‍ය භාණ්ඩ ලබාගත හැකියි . මේ තත්ත්වය තුළ දිසාපතිවරයා සමග කතා බහ කරගෙන ප්‍රාදේශීය ලේකම්වරුන්ට පුළුවන් අවශ්‍ය භාණ්ඩ මොනවද කියල ජංගම වෙළඳුන්ගෙන් දැනගෙන එළවළු සහ පලතුරු පොළවල් වලට යොමු කරලා ජනතාවට ජංගම වෙළඳුන් හරහා ලැබෙන්න සලස්වන්න. ග්‍රාමීය කමිටු තිහක් තිබෙනවනම් එම කමිටු 30 දෙකට බෙදලා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගන්න වැඩපිළිවෙළක් යොදන්න. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ නියෝජිතයින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි.

    ගම්වල සිටින රජයේ දීමනා නොලබන නමුත් මේ වෙලාවේ යමක් දිය යුතු පුද්ගලයින් ඇතුලත් පවුල් වල ලේඛනයක් ග්‍රාමීය කමිටු හා රජයේ නිලධාරින් එකතුවෙලා හඳුනාගැනීමක් කළ යුතුයි. රජයෙන් කිසිම දීමනාවක් ලැබෙන්නේ නැති සමහර පුද්ගලයින්ට දැන් මේ වෙලාවේ ජීවත් වෙන්න විදිහක් නැහැ . එදිනෙදා රැකියාව කරන පුද්ගලයින් ඒ වගේම පවුල් වල ආබාධිත පුද්ගලයින් ඉන්න අය වැනි අමාරුවෙන් ජීවත්වෙන අයගේ නාම ලේඛනයක් තමයි මේ අපි සකස් කරන්න කියලා කියන්නෙ. එම ලේඛනය ග්‍රාමීය කමිටුව මගින් ප්‍රාදේශීය ලේකම්ට ලබාදිය යුතුයි. ඒ ලේඛනයට අදාළ තොරතුරු ඇත්තද බොරුද කියල හමුදාව සහ පොලිසිය යොදවලා සොයා බලනවා. ඒ නිසා හරියටම අසරණ වූ පවුල් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලලා මේ ලේඛනය සකස් කරන්න ''යැයි පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya