මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන රීතින් ක්‍රියාත්මක වීම පිළිබඳව නිරීක්ෂණය සඳහා පොලිස් නිළධාරීන් 22,000ක් පිරිසක් යෙදවීමට පියවර - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මැයි 22, 2021

    කොරෝනා ව්‍යාප්තිය මැඬලීම උදෙසා රට තුළ සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ නිරෝධායන රීතින් ක්‍රියාත්මක වීම පිළිබඳව නිරීක්ෂණය සඳහා පොලිස් නිළධාරීන් 22,000ක් පිරිසක් යෙදවීමට පියවර ගනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති අත්‍යවශ්‍යසේවා අඛණ්ඩව සැපයීම පිළිබද මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    එමෙන්ම, අද රාත්‍රියේ සිට දිවයින පුරා ජංගම රථ සංචාර, පාමුර සංචාර, මෙන්ම යතුරුපැදි සංචාර ක්‍රියාත්මක වන බවත්, හෙට දිනයෙන් පසු ඇරඹෙන සංචරණ කාල සීමාව තුළ දී ඔසු සල් විවෘත ව තැබෙන අතර යම් කිසි පුද්ගලයෙකු හට ඔසු ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් ළඟම තිබෙන ඔසුසලට යන ලෙසත්, ඒ හැරුණු කොට අත්‍යවශ්‍ය සේවා හැර අනිකුත් කිසිඳු පුද්ගලයෙකු කිසිඳු හේතුවක් මත හෝ හැඳුනුම්පත් අංක ක්‍රමය හෝ වෙනත් ක්‍රමයකට හෝ නිවසින් පිටවීමට අවසර නොමැති බවත් අජිත් රෝහණ මහතා මෙහි දී අවධාරණය කළේය.

    තවද, ගැබිණි මාතාවන්ට සහ නිදන්ගත රෝගී පුද්ගලයින්ට හා හදිසි හෘදයාබාධ වැළදෙන පුද්ගලයින්ට හෝ ළමුන්ට ඇතිවන හදිසි රෝග පවතී නම් ළඟම තිබෙන රෝහල වෙත යා හැකිවේ.

    එමෙන්ම, සංචරණ සීමා පැනවෙන කාලය තුළ දී අත්‍යවශ්‍ය සේවාවන් සියල්ල ක්‍රියාත්මක ව පවතින අතර අදාළ රාජකාරි අයතනය විසින් නිකුත් කර ඇති ලිපිය හෝ තමන් සතු හැඳුනුම්පත බලපත්‍රය ලෙස භාවිතා කළ හැකිවෙන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකුලව ජංගම සේවා සහ බේකරි නිෂ්පාදන බෙදාහැරීම සඳහා ක්‍රියාත්මක ජංගම සේවා සහ භාණ්ඩ ඩිලිවරි සේවාවන් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේ.

    විශේෂයෙන් අතවශ්‍ය සේවා වල නියුතු රථ මාර්ගයේ ගමන් කිරීමේ දී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ නොයෙදෙන ලෙසත් මෙහි දී අවධාරණය කළ ඒ මහතා හෙට සිට
    අත්‍යවශ්‍ය රාජකාරි සිදු කරන සේවකයෙකු වුවත් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදෙන්නේ නම්ඊට එරෙහිව මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කරන බව ද මෙහි දී විශේෂයෙන් අවධාරණය කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya