මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා කැබිනට් පත්‍රිකාවක්- වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මැයි 05, 2021

    ඉදිරි මාස තුනේදීත්(මැයි,ජුනි,ජූලි) අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    පසුගිය පෙබරවාරි, මාර්තු , සහ අප්‍රේල් මාස වලදී පරිප්පු, හාල්මැස්සන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක කිසිදු හිගයකින් තොරව මිල ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    සතොස ආයතනය අඩු මිලට දිවයින පුරා භාණ්ඩ බෙදා හැරීම සිදු කළ බවත් සතොස දෛනික ආදායම මිලියන 100 ඉක්ම වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා අප්‍රේල් මස 01 සිට 13 දක්වා කාලපරිච්ඡේදය තුළ දවසකට මිලියන 300ත් 400ත් අතර ආදායමක් ඉතිහාසයේ ප්‍රථම වතාවට උපයා ගැනීමට හැකි වූ සඳහන් කළේය.

    ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කොවිඩ් වසංගතය හමුවේ රට වසා දැමීම හේතුවෙන් ලංකාවේ ආර්ථික වර්ධන වේගය සෘණ 3.6ක් දක්වා පහත වැටුණු බවත් තවදුරටත් රට වසා දැමුවහොත් වි ඒදිනෙදා කටයුතු කරමින් ජීවත් වන ජනතාව මහත් අසීරුතාවයට පත් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් ගොවීන් මහත් අසීරුතාවයකට පත් වූ බවත් පෙන්වා දුන්නේය.කොවිඩ් වසංගත තත්වය හමුවේ සැපයුම් ජාලය අඩුවීම හේතුවෙන් රටතුළ භාණ්ඩ මිල ඉහළයාමේ අවදානමක් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය

    ජාතික ව්‍යවසනයක් හමුවේ දේශපාලන භේදයකින් තොරව වසංගතයෙන් රට බේරා ගැනීමට සහ රට වසන්නේ නැතිව ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සහය ලබා දෙන්නැයි අමාත්‍යවරයා පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සි‌ටීයේය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya