මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සංචරණය සීමා කරන්න- රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

    මැයි 05, 2021

    රජයේ වරදක් හේතුවෙන් මෙරට කොරෝන වැඩි වූ බවට විපක්ෂය චෝදනා කළද මෙය ගෝලීය වසංගත තත්වයක් බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

    මෙය කළාපීය තත්වයක් බවත් කළාපයේ අනේක් රටවලද මෙම තත්වය දැකිය හැකි බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරිය

    රෝහල් වල සිදු කළ පී.සී.ආර් ප්‍රතිපල මගින් ක්‍රමයෙන් අප්‍රේල් මාසයේ රෝගින්ගේ වැඩි වීමක් දැකිය හැකි වූ බවද සඳහන් කළාය. රජය මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි බවත් ඒ අනුව නිරන්තර පරීක්ෂණ සිදු කළ බැවින් මෙම නව ප්‍රභේදය හඳුනාගැනීමට ජයවර්ධන විශ්ව විද්‍යාලයට හැකි වූ බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එහෙත් මෙහිදී වැඩිපුරම ජනතාවගේ සහය අවශ්‍ය බවත් සංචරණය සීමා කර පැතිරීම වළක්වා ගත යුතු බව සඳහන් කළාය.

    සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සංචරණය සීමා කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya