මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙම වසර ඇතුළත මෙරට ජනගහණයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණයට- සෞඛ්‍ය අමාත්‍ය

    මැයි 04, 2021

    මෙරට ජනගහණය සඳහා අවශ්‍ය පූර්ණ එන්නත් ප්‍රමාණය ලබා දීමට හැකි බවට රජය සහතික වන බවත් මෙම වසර ඇතුළත මෙරට ජනගහණයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට රජයට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.

    කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අද පෙරවරු 11.00ට ආරම්භ වූ අතර මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් මෙරටට ඇණවුම් කර ඇති බවත් එයින් පළමු එන්නත් මාත්‍රා15,000 ක් අද මෙරටට ලැබුණු අතර ඉදිරි කාලයේ එන්නත් මාත්‍රා මිලියන 13ක් කොටස් වශයෙන් ලැබීමට නියමිත බව සඳහන් කල අමාත්‍යවරිය ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත්ද මෙම වර්ෂයේදී ලැබීමට නියමිත බව ත් ඒ සඳහා එම එන්නත් නිෂ්පාදිත ආයතන සමග ගිවිසුම්ගත වී ඇතැයිද අමාත්‍යවරිය සඳහන් කළාය.

     

    රජයේ ඉලක්කය වූයේ 60%ක් ජනතාව එන්නත්කරණය කිරීම වුවද , එම සීමාව ඉක්මවා කටයුතු කිරීමට හැකියාව ලැබී ඇතැයිද පැවසූ අමාත්‍යවරිය චීන එන්නත සඳහා අනුමැතිය ලැබුණු වහාම අවශ්‍ය අමතර එන්නත් ප්‍රමාණය ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද සඳහන් කළාය. මෙරට එන්නත්කරණය දියුණු රටවල එන්නත්කරණයට සමාන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

    රජය ජන ජීවිතයද ආරක්ෂා කරගනිමින් කොවිඩ් පාලන වැඩපිළිවෙල ගෙන යන බවත් කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගන්නා සෑම පියවරකදීම , අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන මට්ටම පවත්වා ගැනීම සහ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම සම්බන්ධයෙන් රජය සැළකිළිමත් වන බවද සඳහන් කළාය.

    රජය දුගී දුප්පත් ජන ජීවිතයද ආරක්ෂා කර ගන්නා බවත් ඒ වෙනුවෙන් රු 5000 දීමනාව ලබා දුන් බවත් පැවසූ අමාත්‍යවරිය කොවිඩ් ආසාධිතයන්ට ලබා දිය හැකි උපරිම සෞඛ්‍ය පහසුකම් ලබා දෙමින් මරණ අනුපාතය අවම කර ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළාය.

     වැඩිදුරටත් අදහස් දක්වමින්, කොවිඩ් තුන්වැනි රැල්ල පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පැහැදිළි කළ අමාත්‍යවරිය, කොවිඩ් රෝගින් සඳහා රෝහල් වල ඇඳන් 13,800ක් වෙන්කර ඇති බව පැවසුවාය. ඉතිරි සති දෙක තුළ රෝගින් සඳහා තවත් ඇඳන් 10,000ක් වෙන් කරනු ලැබේ. මෙරටට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව ටොන් 23ක් බවත් ඔක්සිජන් ටොන් 80 දක්වා ධාරිතාව වැඩි කිරීමට හැකියාවක් ඇතැයිද අමාත්‍යවරිය සඳහන් කළාය. ඉන්දියාවේ පවතින්නේ ඔක්සිජන් වලට වඩා ඒ සඳහා භාවිතා කරන සිලින්ඩර හිගයක් බවත් මෙරට රෝහල්

    තුළ අද වන විට ඔක්සිජන් සිලින්ඩර් 24,000ක් සහ ජම්බො සිලින්ඩර් 4000ක් ඇති බවත් තවත් ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර් 7000ක් ඇණවුම් කර ඇතැයිද අමාත්‍යවරිය සඳහන් කළාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya