මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාපන්දු සම්මේලනයේ සභාපති ඇතුළු නිලධාරීන්ට මැයි 06 වන දින යළි පැමිණෙන ලෙස කෝප් කමිටුවෙන් නියෝග

    අප්‍රේල් 25, 2021

    පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කැදවා තිබූ රැස්වීමට පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සහභාගී නොවීම නිසා රැස්වීම අත්හිටුවීමට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පියවර ගත්තේය.

    ඒඅනුව මැයි මස 06 වන දින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ඇතුළු නිලධාරීන්ද එහි හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතාද කැදවීමට කටයුතු කරන බව කෝප් සභාපතිවරයා පැවසීය.

    පාපන්දු සම්මේලනයේ විධායක සභාවට ඡන්දයෙන් සාමාජිකයන් 10 දෙනෙක් පත් කළද සභාපතිවරයා විසින් තවත් සාමාජිකයන් 18 දෙනෙකු පත්කිරීම සිදුකරන බව මෙහිදී අනාවරණය වූ අතර මෙය විශාල
    ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය. සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව මෙසේ සිදු වුවත් මෙය විශාල ගැටලුවක් බැවින් මේ සදහා වහාම මැදිහත් වන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට කෝප් කමිටුව උපදෙස් ලබා දුන්නේය.

    මෙසේ සභාපතිවරයා විසින් 18 දෙනෙකු පත්කිරීම වළක්වාලීම සදහා නියෝගයක් නුදුරු දිනකදීම නිකුත් කරන බව මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා පැවසීය.

    මෙම ක්‍රීඩා සංගම්වල නිලවරණ පැවැත්වීම සදහා වන නිලවරණ කමිටු ස්ථාපිත කිරීම මෙම සංගම් මගින්ම සිදුවීම නිසා විනිවිද බවකින් තොරව මේ කටයුතු සිදුවන බව කමිටුව පෙන්වා දුන්නේය.එසේම පාපන්දු සම්මේලනයේ එළඹෙන නිලවරණය සදහා නිලවරණ කමිටු සභාපතිට රු 750,000 ක මුදලක් ද අනෙකුත් සාමාජිකයන් දෙදෙනාට සහ රු. 600,000 බැගින්ද ලබා දෙන බව මෙහිදී අනාවරණය වූ අතර
    මෙය කමිටුවේ දැඩි දෝෂදර්ෂණයට ලක්විය.සභාපතිවරයා විසින් පත්කරන 18 දෙනෙකු සිටින බැවින් මෙවැනි තීරණ ගැනීමේදී සභාපතිවරයාගේ තීරණ අභිබවා යාම නොහැකිවීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවී ඇති බවද මෙහිදී හෙළි විය.

    තවද කළුතර පාපන්දු ක්‍රීඩාංගනය ඉදිකිරීම සදහා ඉතාලි පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමය මගින් පරිත්‍යාග කළ යූරෝ 40,400ක් (රු.මිලියන 6කට ආසන්න මුදලක්) හිටපු සභාපතිවරයා විසින් සිය පෞද්ගලික ගිණුමකට බැරකර තිබීම පිළිබදව ද ආසියානු පාපන්දු සම්මේලනය මගින් තරග පැවැත්වීමට ලබා දුන් ඩොලර් 60,000ක් (රු.මිලියන 6කට ආසන්න මුදලක්) ද පෞද්ගලික සමාගමක් මගින් සුනාමියෙන් විපතට
    පත් අයට නිවාස 20ක් ඉදිකිරීම සදහා ලබා දුන් රු මිලියන 10ක මුදලක් හා ආසියානු පාපන්දු සම්මේලනය විසින් පරිත්‍යාග කරන ලද ඩොලර් 200,000ක් පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා විසින් අවභාවිත කිරීම පිළිබද කමිටුවේ අවධානය යොමුවිය.

    මෙම මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන කටයුතු අවසන්කර අධිකරණයේ නඩුපවරා ඇති පසුබිමක මෙලෙස මූල්‍ය අක්‍රමිකතා සිදුවී නොමැති බව දන්වමින් සම්මේලනයේ වත්මන් සභාපතිවරයා අධිකරණය වෙත දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කොට ඇති බවද මෙහිදී අනාවරණය විය.මෙලෙස මූල්‍ය වංචාවක් සිදුව ඇති බව අනාවරණය වීමෙන් පසු වත්මන්
    සභාපතිවරයා එලෙස සිදු නොවි ඇති බව දිවුරුම්ප්‍රකාශයක් මගින් දන්වා සිටිම බරපතළ කරුණක් බව කමිටුව පෙන්වා දුන්නේය.


    මෙරට පාපන්දු ක්‍රීඩාව මේවන විට ඉතා පහළ අඩියක වැටී ඇතිබවත් මෙතරම් විශාල මුදල් ප්‍රතිපාදන ලැබුණද එලෙස පහළ මට්ටමට වැටීම අතිශය ඛේදනීය තත්ත්වයක් බවත් කෝප් සභාපතිවරයා පෙන්වා
    දුන්නේය.එබැවින් වහාම කෝප් කමිටුව ඉදිරියට වත්මන් සභාපතිවරයා සහ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතාද කැදවා මේ පිළිබද විමර්ශනය කළ යුතු බව කෝප් කමිටුව අවධාරණය කළේය.

    එසේම ක්‍රීඩා සංගම් මුදා නොගත් කලාප ලෙස නොතබා මෙම සංගම්වල ක්‍රියාකලාපය පිළිබද අමාත්‍යාංශය නිරතුරුව අවධානයෙන් සිටිය යුතු බවත් අමාත්‍යාංශය මගින් ඍජු අධීන්ෂණ සිදුකළ යුතු බවත් අවධාරණය කළේය.

    විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාපන්දු සම්මේලනය වැනි සංගම් සදහා වැඩි අවධානයක් යොමුකරන ලෙසත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

    අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, නලින් බණ්ඩාර, එස් .එම් මරික්කාර් සහ එස්. රාසමානික්කම් යන මහත්වරු ද ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු රාජ්‍ය නිළධාරීහු පිරිසක්ද ශ්‍රී ලංකා

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya