මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා කොරියානු රජයේ සහය ලබා ගැනීම පිළිබඳව වි‌ශේෂ සාකච්ඡාවක්

    අප්‍රේල් 23, 2021

    ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් වසංගත තත්වය මැඩ පැවැත්වීම සඳහා දකුණු කොරියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති Woonjin Jeong මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් (22) පෙරවරුවේ කොරියානු තානාපති නිල නිවසේදී පැවැත්විණි.

    මෙම සාකච්චාවේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා දකුණු කොරියාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් පිළිබදව තානාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කල අතර කොරියාව කොවිඩ් උවදුර ශ්‍රී ලංකාවෙන් මර්දන කිරීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදන බවද තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත දන්වන ලදී.

    ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින දීර්ඝකාලීන මිතුදම මත කොරියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය ඉතා අගය කරන බවත් ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඒ සඳහා විශේෂ ස්තුතියක් පිරිනමන බවද අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya