මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරටට ලැබී තිබෙන සුවිශේෂී ඉඩ ප්‍රස්ථාවන් ඵලදායක ලෙස භාවිතා කිරීමට කටයුතු කිරීමෙන් මෙරට සංවර්ධන ඉලක්ක සපුරා ගත හැකියි

    අප්‍රේල් 21, 2021

    කලාපයේ පිහිටීමෙන් මෙරටට ලැබී තිබෙන සුවිශේෂී ඉඩ ප්‍රස්ථාවන් සහ කලාපයේ අවට රටවල් වල දක්නට ලැබෙන පසුගාමී තත්ත්වයන් හා සසඳා බැලීමේ දී මෙරටට ලැබී තිබෙන සුවිශේෂී අවස්ථාවන් ඵලදායක ලෙස භාවිතා කිරීමට කටයුතු කර ගැනීම මෙරට සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වනු ඇති බව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අද (21) ජනමාධ්‍ය අමාත්‍යංශය, මාධ්‍ය මධ්‍යස්ථානය විසින් සිදු කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වරාය නගර පනත, අභියෝග සහ අවස්ථාවෙන් යන මැයෙන් නව මාධ්‍ය සඳහා වෙන් වූ සයිබර් සාකච්ඡා වේ දී කියා සිටියේය.

    මෙතෙක් ලංකාව තුළ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය වැනි විශාල සංවර්ධන ව්‍යාපෘති සිදු නොකෙරුණු හෙයින් ලංකාවේ සංවර්ධනය පසුගාමී වූ අතර අනිකුත් රටවල් ගත් කළ සංවර්ධනය උදෙසා එම ප්‍රතිපත්ති යහපත් ආකාරයට යොදවා ගෙන තම සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කර ඇති බවත් 1989 න් පසු මේ වන තෙක් අවුරුදු 30 ක් යන තුරු ප්‍රධාන පෙළේ කිසිඳු ආර්ථික ප්‍රතිසංස්කරණයක් ලංකාව තුළ බිහි වී නොමැති බවද, මෙම වරාය නගර ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත මෙහි ඇති කරන යම් යම් හොඳ ප්‍රතිසංස්කරණයන් රටේ ප්‍රතිසංස්කරණ වලට පරිවර්තනය කර ගත හැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

    එමෙන්ම, වරාය නගරය ඊට පමණක් නොව මුළු රටටන අනාගතයේ දිනෙක ආරෝපණය වන තත්ත්වයක් ඇති විය හැකි බව ද, එමඟින් ආසියාවේ ධනවත් රටක් වී හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළ අතර එතෙක් වරාය නගර සංකල්පය මෙරට පිහිටි ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන ඌණ සංවර්ධනයක් සහිත ප්‍රදේශ වලට ද ආදේශ කර ගැනීමට ද කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya