මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා පිටත්වන 3 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය යුද හමුදාපතිවරයාට සිය ගෞරවය පිරිනමයි

    අප්‍රේල් 13, 2021

    මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය (Combat Convoy Company) කුකුලේඟග පිහිටි ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීය.

     

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය (Combat Convoy Company) රෙජිමේන්තු 12 ක් නියෝජනය කරන නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම අප්‍රේල් මස මස 20 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. තවද, මේ වනවිට මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරීවල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් කණ්ඩායමක් සිය මව්බිම බලා නැවත පැමිණිමට නියමිතය.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, එම ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සංජීව ප්‍රනාන්දු විසින් පිළිගැනිමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පිරිනැමූහ.

    ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සරඹ භූමිය වෙත කඳවාගෙන යනු ලැබූහ.

    ඉන් අනතුරුව, නිලධාරීන් 20 ක් සහ සෙසුනිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත සම්මාන ආචාර පෙළපාලිය ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීය. පසුව, මාලි රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් දිනේෂ් බුලත්සිංහ මහතාගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් පෙළපාලිය නිරීක්‍ෂණය කළේය. එම අවස්ථාවට දෙවන අණදෙන නිලධාරී මේජර් එල්. උඩගෙදර මහතා සහභාගි විය.

    අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන් සඳහා මාලි රාජ්‍යය බලා පිටත්වීමට නියමිත සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය (Combat Convoy Company) යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

    ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් මුලික කොටගත් මෙම එක්සත් ජාතින්ගේ සාමසාධක භට කණ්ඩයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය නියෝජනය කරන නිලධාරීන් සහ සෙසුනිලයින්ගෙන් සමන්විත වනු ඇත.

    දැනට මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී ඉටුකරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 240 දෙනෙකුගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය (Combat Convoy Company) (දෙවන කණ්ඩායම) නැවත දිවයිනට පැමිණිමට නියමිතව ඇති අතර මාලි රාජ්‍යය බලා පිටත්වීමට නියමිත 212 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම අප්‍රේල් මස 20 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

    මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා නුදුරේදී දිවයිනෙන් පිටත්වීමට නියමිත 3 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය 2020 ජුනි මාසයේදී කුකුලේඟග පිහිටි ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පුහුණු කටයුතු ආරම්භ කරන ලදී. වෙඩි තැබීම සහ සරඹ පුහුණු කටයුතු සඳහා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල වෙත පැමිණි මෙම කණ්ඩය හර්මටාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයට (Harmattan Field Training Exercise) ද සම්බන්ධ විය.

    -SL Army

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya