මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමයේ අපි විනය නීති රීතිවලට දැඩි ලෙස ගරු කළ යුතුයි - කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙඳ නිලධාරී පුෂ්පා රම්‍යානි ද සොයිසා.

    අප්‍රේල් 13, 2021

    උත්සව සමයේ සිදුවන අනතුරු වලින් 85%ක්ම සිදුවන්නේ පුද්ගල හේතු සාධක මත වන බැවින් උත්සව සමයේ සියලුදෙනාම විනය නීති රීති වලට දැඩි ලෙස ගරු කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරී පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් කියා සිටියාය.

    අවුරුදු සමයේ ඉහළ යා හැකි අනතුරු වශයෙන් මහා මාර්ග අනතුරු, නිවසේදී සිදුවන අනතුරු, හිංසන ක්‍රියා, ක්‍රීඩා අනතුරු, ගිනිකෙළි අනතුරු, වැටීම් ආදිය පෙන්වාදුන් පුෂ්පා මහත්මිය වැඩිදුරටත් පැවසුවේ මත්පැන් මත්ද්‍රව්‍ය වලින් තොරව කටයුතු කිරීමෙන් හිංසන ක්‍රියා, වැටීම් සහ අනෙකුත් අනතුරු අවම කිරීමේ හැකියාවක් පවතින බවයි.

    එමනිසා නිවසේ පරිසරය තුළ අනවශ්‍ය පීඩනයක්, අනවශ්‍ය කලබලයකින් තොරව නිසි පරිදි කටයුතු කිරීම තුළින් දරුවන් සහ වැඩිහිටියන් අනතුරට ලක්නොවන බවද පැවසුවාය. එමෙන්ම ක්‍රීඩා ක්‍රියාත්මක වන සෑම තැනම සෞඛ්‍ය නීති රීති හා කොවිඩ් පිළිබදව අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කිරීම වැදගත් බවද ක්‍රීඩා අනතුරු පිළිබදව අවධානය යොමු කිරීමේදී තමාට නොගැළපෙන ක්‍රීඩා වලින් වැළකිය යුතු බවද අවධාරණය කළේය. එනම් ඇතමුන් මැරතන් ධාවනයේ යෙදුනද තමාට එම ඉලක්ක වලට යා නොහැකි නම් තමාගේ සෞඛ්‍ය තත්ත්වය හොද නැතිනම්, පුද්ගලයන් මරණයට පත්වීම් පවා වාර්තා වී ඇති බවද පැවසුවාය.

    එමනිසා එවැනි ක්‍රීඩා වල නිරත නොවන ලෙස ලෙසත්, සියලුම දේ නීති රීති අනුගමනය කරමින් ක්‍රියාත්මක කළ යුතු බවද පැවසුවාය. ගිනිකෙළි අනතුරු පිළිබදව විස්තර කරමින් පුෂ්පා මහත්මිය කියා සිටියේ අතේ තබාගනිමින් ගිනිකෙළි දැල්වීම නොකළ යුතු අතර, කුඩා ළමුන්ට ගිනි කෙළි භාවිතය කොහෙත්ම නුසුදුසු බවයි. ගිනිකෙළි දැල්වීමේදී ඈත තියන් ගිනිකෙළි දල්වා වහාම එම ස්ථානයෙන් ඉවත් විය යුතු අතර ගිනිකෙළි නොදැල්වුණහොත් එසැනින් ගොස් නිරීක්ෂණය නොකරන ලෙසද ඇය පැවසුවාය.

    ගිනිකෙළි භාවිතයේදී ප්‍රමිතියක් සහිත ගිනිකෙළි භාවිතා කළ යුතු අතර, නිවෙස් ඇතුළට, තාප්ප ඇතුළට, වාහන ඇතුළට, උඩ ඉදන් බිමට, සතුන් සිටිනා දිශාවන්ට මෙන්ම මිනිසාට හානිකර ලෙස ගිනිකෙළි භාවිතයෙන් වැළකිය යුතු බව විශේෂයෙන් අවධාරණය කළාය.

    නිවසේ පරිසරයත් අනවශ්‍ය කලබලයකින් තොරව , පිරිසිදුකිරීම් කර, හරි චාරිත්‍ර ඉටුකර, මත්ද්‍රව්‍ය වලින් තොරව අලුත් විදියට ජීවිත පටන්ගත හැකිනම් අවුරුද්දේ කිසිම කෙනෙකුට හානියකින් තොරව ජීවත් විය හැකි බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනිය කියා සිටියාය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya