මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරාබදු මෙහෙයුම් මැදිරිය දින 14 ක් දක්වා වසයි- ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

    අප්‍රේල් 13, 2021

    සුරාබදු මෙහෙයුම් මැදිරියෙහි කාර්යමණ්ඩලය එම ආසාදිත රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වීම නිසාවෙන් එකී මෙහෙයුම් මැදිරිය දින 14 ක් දක්වා වසා තබා එම කාර්යමණ්ඩලය ස්වයංව නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ විසින් දෙන ලද උපදෙස් අනුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නිකුත් කළ නිවේදනය මෙසේ ය

     

    1913 මෙහෙයුම් මැදිරිය තාවකාලිකව වසාතැබීම.

    ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් රාජගිරිය, කෝට්ටේ පාර, අංක 353 ලිපිනයේ පිහිටි සුරාබදු මුලස්ථානයෙහි නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළදීම නිසාවෙන් සහ
    සුරාබදු මෙහෙයුම් මැදිරියෙහි කාර්යමණ්ඩලය එම ආසාදිත රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වීම නිසාවෙන් එකී මෙහෙයුම් මැදිරිය දින 14 ක් දක්වා වසා තබා එම කාර්යමණ්ඩලය ස්වයංව
    නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ විසින් දෙන ලද උපදෙස් අනුව සුරාබදු කොමසාරිස් ජනරාල්තුමන් විසින් නියෝග කර ඇත. ඒ අනුව මහජනතාව සඳහා සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා
    දුම්කොළ අපරාධ දැනුම් දීම පිණිස පැය 24 පුරා විවෘතව තබන ලද 1913 දුරකථන අංකය සහිත සුරාබදු මෙහෙයුම් මැදිරිය 2021. 04. 23 වන දින දක්වා වසා තැබීමට සිදුව ඇති බව මෙයින්
    නිවේදනය කරමි.

     

    එසේ වුවත්, සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ඔබ ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ තොරතුරු ලබාදීම සඳහා මහජනතාවට විවෘත කර තිබූ 1913 කෙටි
    දුරකථන අංකය වෙනුවට 2021.04.23 වන දින තෙක් පහත දැක්වෙන දුරකථන මාර්ග විවෘතව තැබෙන බව මහජනතාවට කාරුණිකව නිවේදනය කරමි.

     

    071 6345291

    071 3108507
    071 8122333

     

     

    කපිල කුමාරසිංහ.
    සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්),
    මාධ්‍ය ප්‍රකාශක / ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya