මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල මනු ලංකාවේදී ම නිෂ්පාදනය කිරීමට පියවර

    අප්‍රේල් 12, 2021

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබාදෙන ජල සම්බන්ධතා වෙනුවෙන් සවි කරනු ලබන ජල මනු (ජල මීටර්) මින් ඉදිරියට ජල සම්පාදන මණ්ඩලයේ නඩත්තු සහ කාර්මික ඒකකය මගින් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම උපදෙස් ලබා දෙන ලදී.

    සාමාන්‍ය නිවෙස් හා ආයතන වෙත ලබාදී ඇති ජල මනු (ජල මීටර්) ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බොහෝවිට එක් වසරකදී අක්‍රිය තත්වයට සහ විවිධ හේතූන් නිසා හානි වන අවස්ථා දැකගත හැකි වේ.

    මෙවන් අවස්ථාවන් හිදී මෙම ජල මනු නැවත නිසි පරිදි අලුත් වැඩියා කිරීමට හැකියාව තිබියදීත් විදේශයන් මගින් ආනයනය කරන නව ජල මනුව සවිකිරීම බොහෝ විට සිදු කෙරේ.

    මෙම තත්ත්වය වහාම නතර කරන ලෙසත් අවශ්‍ය උපාංග හැකිතරම් දේශිය වශයෙන් සපයාගෙන අපගේ කාර්මික ශිල්පීන් ලවා අලුත් වැඩියා කර භාවිතයට යොදවා ගන්නා ලෙසට අමාත්‍යතුමා දැනුම් දී සිටියේ ය.

    මේ සම්බන්ධයෙන් කාර්මික ශිල්පීන් දැඩි සතුටකට සහ ඔවුන්ගේ ප්‍රසාදය ඉහළින්ම පළ කර අතර මෙසේ හැකියාව තිබියදීත් අපගේ විදේශ විනිමය වැය කරමින් මෙසේ නව ජල මනු ආනයනය කිරීම අපරාධයක් බව ද කියා සිටියේය.

    ඉදිරියේදී නව ජල මනු ද ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙසට ද අමාත්‍යතුමන් අදාල බලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

    ජල සම්පාදන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්මික හා ඉංජිනේරු අංශයේ අතිරේක සාමාන්‍යධිකාරී එස්.ජි.ජි. රාජ්කුමාර්, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ටි.එම්.ඩබ්ලිව්. සුනිල් බණ්ඩාර, සහකාර සාමාන්‍යධිකාරී ඊ.එම්.කේ. ඒකනායක යන නිලධාරීන් ඇතුලු වෘත්තීය සිමිති නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya