මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් තෙල් තොගය වෙළෙඳ පොළට නිකුත් වී නෑ- රාජ්‍ය අමාත්‍ය අරුන්දින ප්‍රනාන්දු

    මාර්තු 26, 2021

    පිරිසිදු පොල් තෙල් මෙරට නිෂ්පාදනය කිරීම සහ ආනයනය කිරීමේදී යම් යම් සීමා පැනවීමට කටයුතු කරන බව පොල් කිතුල් තල් හා රබර් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

    ඇෆ්ලටොක්සින් නමැති ප්‍රභල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය සිදු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙරටට ගෙනෙන සියලුම භාණ්ඩ මේ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂාවට ලක්වන බවයි. පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ගෙන්වීම තහනම් කළ යුතුය යන මතයේ රජය සිටින බවත් මෙම පොල් තෙල් තොගය වෙළෙඳ පොළට නිකුත් වී නොමැති බවට තමා වගකීමෙන් යුතුව කියන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    පිරිසිදු පොල් තෙල් මෙරට නිෂ්පාදනය කිරීම සහ ආනයනය කිරීමේදී යම් යම් සීමා පැනවීමට රජය කටයුතු කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පොල් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නීති රීතිද ඉදිරියේ දී සංශෝධනය කළ යුතු බව පෙන්වා දුන්නේය.

    නව රජය බලයට පත් වූ විගස ෆාම් තෙල් තහනම් කළ බවත් , කටු පොල් වගාව තහනම් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.පාරිභෝගික අධිකරාරිය,පොල් සංවර්ධන අධිකාරිය මේ පිළිබඳව නිරන්තර සුපරික්ෂාවෙන් සිටින්නේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya