මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් කවුද යන්න සෙවීමේ වගකීම රජය භාර ගෙන තිබෙනවා- සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    මාර්තු 25, 2021

    පාස්කු ප්‍රහාරය සම්බන්ධ මහමොළකරුවන් කවුද යන්න සෙවීමේ වගකීම රජය භාර ගෙන ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව අද (25)පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ආගමික න්‍යායපත්‍රයක් මුල් කරගනිමින් පසුගිය පාස්කු දින ප්‍රහාරය සිදු වූ බවත් ඇතැම් මුස්ලිම් නායකයින් තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙම මුස්ලිම් තරුණයින් යොදා ගත් බව පැවසූ අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරයට මාස 11කට පෙර සහරාන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ලබා දුන් බුද්ධි තොරතුරු එවකට සිටි රජය නොසලකා හැර ඇති බවයි.

    මෙම ප්‍රහාරයෙන් පසු පරීක්ෂණ කරන අවස්ථාවේදී එවකට සිටි ඇතැම් මුස්ලිම් අමාත්‍යවරු එම පරීක්ෂණයන්ට විරුද්ධව හඩ නැගූ බැවින් එම පරීක්ෂණ පවා නිසියාකාරව කිරීමට ඉඩ නොලැබුණු බවද කීය. කඩු කිනිසි සොයා මුස්ලිම් පල්ලි පරීක්ෂා කරන විට ඊටද විරුද්ධ වී තිබේ.

    මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කමිටු තුන හරහාම ලැබූ කරුණු පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව සහ ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අදාළ පරීක්ෂණ සිදු කරගෙන යයි. මෙම වාර්තාව සම්පූර්ණ වාර්තාව වෙනුවට අර්ධ වාර්තාවක් ලබා දුන් බවට විපක්ෂය චෝදනා කළද මෙම වාර්තාවේ සියල්ල ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් ලබා නොදුන් බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවද කීය. බුද්ධි අංශ විසින් අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් දැනුවත් කළද ඒ පිළිබඳව එවකට සිටි රජය අවධානය යොමු කර නොමැති බවද කීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය බලයට පත් වූ විගස අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් මේ සම්බන්ධයෙන් බොහෝ නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් ඉදිරියේදී ඒ අනුව කටයුතු කරන බවද සංචාරක අමාත්‍යවරයා කීය. රජය මෙම වාර්තාවෙන් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කරන බවත් අඩුපාඩු පෙන්වා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා බුද්ධි අංශ ශක්තිමත් කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya