මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කාර්ය භාරය වඩාත් පුළුල් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය

    මාර්තු 18, 2021

    පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කාර්ය භාරය වඩාත් ඵලදායි ලෙස ඉටු කිරීම සදහා ඒවායේ කටයුතු වඩාත් සංවාදශීලීව පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද
    රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

    මේ අනුව නීති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී ඒ පිළිබද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මෙන්ම ඔවුන් සමග වඩාත් සංවාදශීලි හා ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට මෙම උපදේශක කාරක සභා ක්‍රමය හරහා හැකියාව ලැබෙනු ඇත.


    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී මේ පිළිබදව සාකච්ඡා විය. මෙම රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ලේකම් මඩුල්ල වෙනුවෙන් අදහස් දැක්වූ සහකාර මහලේකම් ටිකිරි.කේ ජයතිලක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම උපදේශක කාරක සභා, ඒවාට ලැබී ඇති බලතල සහ වපසරිය තුළ මෙතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමය වන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරනු ලබන ජනතා ගැටලුවලට විධායකය මගින් විසදුම් ලබා ගැනීමෙන් ඔබ්බට ගොස් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස ඉදිරියේදී පවත්වාගෙන යාමේ හැකියාව ඇති බවයි.

    එසේම විධායකය සහ ව්‍යවස්ථායකය සමීපව කටයුතු කරන දෙමුහුන් ආණ්ඩුක්‍රමයක් අපරට තුළ පවතින පසුබිමක ව්‍යවස්ථායකයේ මන්ත්‍රීවරු විධායකය සමග මනා සහසම්බන්ධයක් ඇති වීමටත් මෙය හේතුවන බවත් ඒතුළින් අප පාර්ලිමේන්තුවේ මට්ටම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළට ඔසවා තැබීමට හැකිවන බවත් ජයතිලක මහතා පෙන්වා දුන්නේය.

    තවද ඇතැම් විෂය කාරණා සම්බන්ධයෙන් කාරක සභාව සාකච්ඡා කරන අවස්ථාවේදී එම විෂයට අදාළ පාර්ශව කැදවා නිලධාරීන් සහ මහජන නියෝජිතයන් අතර වඩාත් පුළුල් සංවාදයක් පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සහකාර මහලේකම්වරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට මෙහිදී යෝජනා කර සිටියේය.

    වර්තමාන ලෝකයේ වෙනස්කම්වලට අවධානය යොමු කරමින් අමාත්‍ය උපදේශක කාරක සභා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී ගරු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන   රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු මෙන්ම, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, හර්ෂද සිල්වා, ජගත් කුමාර, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සුදත් මංජුල, සහන් ප්‍රදීප් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරමින්, මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරික ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya