මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන, ස්වෛරී, නිදහස්, ඒකීය රාජ්‍යයක් ලෙස මෙරට සංවර්ධනය කරන්න වත්මන් ආණ්ඩුව කැප වී සිටිනවා - අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    මාර්තු 15, 2021

    ස්වාධින, ස්වෛරී, නිදහස්, ඒකීය රාජ්‍යය ආරක්ෂා කරගෙන මෙරටේ සංවර්ධනයට වත්මන් ආණ්ඩුව කැප වී සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය ත්‍රිකුණාමලය නගරයේදී විවෘත කීරීමේ උත්සවයට සහභාගී වී එහි පැවති උත්සව සභාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    “උතුරු නැගෙනහිර ඇතුළුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස රටේ සියලු ජනතාවට සමාන අයිතීන් ලබා දෙන්න රජය කටයුතු කර තිබෙනවා. තිස් වසරක් පැවැති ත්‍රස්තවාදී යුද්ධය නිසා මේ ප්‍රදේශවල ජන ජීවිතය අවුල් වුණා. සංවර්ධනය අඩපණ වුණා. නමුත් යුධ ජයග්‍රහණයෙන් පසුව මේ ප්‍රදේශ සංවර්ධනය කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපති යුගයේදී කටයුතු කළා. එදා අපේ රට මුහුණ දුන් සුනාමි ව්‍යසනයේදී මූතූර් ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමය යථා තත්ත්වයට පත් කරලා ඉතාලි රජයෙන් ලැබුණ නැවක් ත්‍රිකුණාමල වරායේ නවතා තබා ගෙන එහි රෝහලක් ස්ථාපනය කර මේ ප්‍රදේශයේ ජනතාවට සේවය සැපයු ආකාරය ජනතාවට අමතක නෑ. වත්මන් රජය එදා යුධ ජයග්‍රහණයෙන් පසුව ආරම්භ කළ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරමින් මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න කටයුතු කරමින් ඉන්නවා. එදා අපි කන්තලේ ජල යෝජනා ක්‍රමයෙන් ත්‍රිකුණාමලයේ ජල ප්‍රශ්නයට විසඳුම් දුන්නා. කොළඹට තිබෙන පහසුකම් ගමටත් ලබා දෙන්න අපේ රජය කටයුතු කරගෙන යනවා. සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කර රට සංවර්ධනය කරන්න අපි සියලු දෙනාම එකමුතුව කටයුතු කරන්න ඕන. අපේ රජයක් යටතේ සියලුම ජනතාවට සතුටින් ඉන්න පුළුවන් ආකාරයට කටයුතු කරන බව ජනතාව දන්නවා. අපේ ජනතාවාදී වැඩ පිළිවෙලට ජාත්‍යන්තරයෙන් සහයෝගය ලැබෙනවා. අපි ඉල්ලා සිටින්නේ ඒ සහය නැති කරන ආකාරයේ කටයුතු නොකරන්න කියලයි. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් මේ රටේ බහුතර ජනතාව අපට බලය දීල ශක්තිමත් ආණ්ඩුවක් හදන්න උදවු කර තිබෙන්නේ මේ රට දියුණු කරන්නයි."

     

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය රටේ වාසනාවන්ත ප්‍රදේශයක්. සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජාතීන් මෙහි ජීවත් වෙනවා වගේම රටේ සම්පත් අතින් පොහොසත් ආර්ථික මර්මස්ථානයක් ලෙස මේ ප්‍රදේශය දියුණුවෙමින් තිබෙනවා. ඉතා ඈත අතීතයේදී පවා ත්‍රිකුණාමල මුහුදු සීමාව ජාත්‍යන්තර වෙළඳ කටයුතු මෙන්ම වෙනත් හුවමාරු සඳහා යොදා ගෙන තිබෙනවා. ත්‍රිකුණාමල වරාය මේ ප්‍රදේශයේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් සම්පතක්. එය දියුණු කර මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය උසස් කළ හැකි ආර්ථිකයක් හදන්න කටයුතු කරන්න රජය දැනටමත් පියවර ගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති රාමුවට අනුව මධ්‍යම රජයේ සේවාවන් පහසුවෙන් ජනතාවට ලබා ගත හැකිවන පරිදි ඒ ඒ ප්‍රදේශවලට ගෙන යෑම දැන් පටන් ගෙන තිබෙනවා. විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලයක් ත්‍රිකුණාමලයට ලැබෙන්නෙත් ඒ අනුවයි. දැන් මෙහෙ ඉන්න ජනතාව කොන්සියුලර් සේවාවන් සඳහා කොළඹට එන්න අවශ්‍ය වෙන්නෙ නෑ. එමගින් ජනතාවගේ කාලයත් මුදලත් ඉතිරි කර ගන්න අවස්ථාව ලැබී තිබෙනවා යැයි තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

     

    මෙම කොන්සියුලර් කාර්යාලය විවෘත කරන අවස්ථාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තව්පීක් මහතා හා දෙමළ ජාතික සන්ධානයේ පා.ම. රාසමානික්කම් යන මහතාද සහභාගී වීම විශේෂත්වකි. ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පා.ම. තිලක් අතුකෝරාළ, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya