මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නඩත්තු හා සේවා කටයුතු නිරීක්ෂණය කරයි

    මාර්තු 15, 2021

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සෑම වසර තුනකට වරක් සිදුකරන “මහපහදු නැවතුම” නඩත්තු හා සේවා කටයුතු ක්‍රියාවලිය මේ දිනවල සිදුවෙමින් පවතින අතර පිරිපහදුවේ එම නඩත්තු කාර්යයන් නිරීක්ෂණය කිරීම සදහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පසුගිය දින සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රය වෙත යන ලදී.

     

    ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිහහේවා පිරිපහදු කලමණාකාර ඊ.ඒ.එස්. එදිරිසිංහ , ඩී.එම්.පී. දිසානායක (නියෝජ්‍ය පිරිපහදු කළමනාකාර නඩත්තු හා ව්‍යාපෘති), එල්.ජී.එම්.ආර්. පෙරේරා (නියෝජ්‍ය පිරිපහදු කළමනාකාර විදුලි හා උපකරණ), සී.ආර්.කේ. ගමගේ (වැඩබලන නියෝජ්‍ය පිරිපහදු කළමනාකාර තාක්ෂණ සේවා), කේ.ජී.එච්. කෝදාගොඩ (වැඩබලන නියෝජ්‍ය පිරිපහදු කළමනාකාර නිෂ්පාදන හා ක්‍රියාකරවුම්) , වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛා ලේකම් ප්‍රේමන්ත ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිපහදු ඉංජිනේරුවන්, වැඩ නායකයින් කාර්මික ශිල්පීන් මෙම නීරීක්ෂණයට එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya