මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පවතින රථ වාහන තදබදයට විසදුම්

    මාර්තු 14, 2021

    ගුවන් පාලම් , උමං පදික මාරු, ගුවන් පදික මාරු, අතුරු මාර්ග සහ විකල්ප මාර්ග ඉදිකිරීමට පියවර -මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

    වර්තමානයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග වල පවතින රථවවාහන තදබදයට පිලියම් යෙදවීම සඳහා වාහන තදබදය අධිකව පවතින ස්ථානවල ගුවන් පාලම් ඉදිකිරීම, උමං පදික මාරු, ගුවන් පදික මාරු, අතුරු මාර්ග (By pass road) මාර්ග තදබදය පවතින ප්‍රදේශ මගහැර වෙනත් ප්‍රදේශයන් කරා ගමන් කිරිම පහසු කිරීමට විකල්ප මාර්ග හදුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සඳහා 2021 වසරේ අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අදහස් කළේ ,2021 වසරේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා ව්‍යාපෘතීන් පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමග 12 වන දින අමාත්‍යාංශීය ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමේ දීය.

     

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

     

    මේ යටතේ කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් ස්ථාන වල ගුවන් පාලම් ඉදිකිරීමට මේ වන විට මූලික සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව කොහුවල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, බාලදක්ෂ මාවතේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, උත්තරානන්ද මාවතේ ගුවන් පාලම සහ විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම වේ. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මුත්තෙට්ටුගල, යාංගල්මෝදර, අලව්ව සහ මහව යන නගරවල ගුවන් පාලම් ඉදිකිරීමටත් මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ ප්‍රදේශයේ ගුවන් පාලම ඉදිකිරීමටත් මේ වන විට තීරණය කර ඇති බව ප්‍රකාශ කරන ලදී.

     

    කොළඹ සහ බොහොමයක් නගරවල අධික රථවාහන තදබදයට බලපාන හේතුව ක්‍රමවත් පදික මාරු නොමැති වීම බව සඳහන් කළ අමාත්‍යවරයා රථවාහන තදබදය අවම කිරීමටත් රථවාහන අනතුරු ප්‍රමාණය අඩුකර පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගෙන උමං පදිකමාරු සහ ගුවන් පදිකමාරු ඉදිකිරීම සැළසුම් කර ඇති බව සඳහන් කරන ලදී. ඒ අනුව රාජගිරිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව අසල උමං පදික මාරුවක් ඉදිකිරීම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) අසල උමං පදික මාරුවක් ඉදිකිරීම, රාජගිරිය ජනාධිපති විදුහල අසල උමං පදිකමාරුවක් ඉදිකිරීම, කොට්ටාව උමං පදික මාරුවක් ඉදිකිරීම, රත්නපුර උමං පදික මාරුවක් ඉදිකිරීම, මොරටුව වේල්ස් කුමර විදුහල හා වේල්ස් කුමරි විදුහල් අසළ උමං පදිකමාරු 2ක් ඉදිකිරීම, බොරැල්ල කාසල් රෝහල අසල ගුවන් පදික මාරුවක් ඉදිකිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.

    අධික රථවාහන තදබදයන් සහිත නගරවල එම රථවාහන තදබදය පවතින නාගරික ප්‍රදේශ මගහැර, නගරයෙන් පිටතට යන රථවාහන සඳහා පහසුකම් සැලසීම සඳහා අතුරුමාර්ග (By pass road) ඉදිකිරීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ අනුව රත්නපුර, වරකාපොළ, රාගම යන ප්‍රදේශවල එම මාර්ග ඉදිකිරීමේ දී ඉදිකරන බව ප්‍රකාශ කරන ලදී.

    අධික රථවාහන තදබදය මගහැර ගමන් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කළ යුතු විකල්ප මාර්ග ලෙස කිඹුලාවල, රෝහල් පාරේ අංශක 90 වංගුවේ සිට පන්නිපිටිය, තොරණපාර හරහා බොරුපන මාර්ගය සංවර්ධනය කරන බව පෙන්වා දෙන ලදී. මෙම මාර්ගය සංවර්ධන කිරීම තුළින් බත්තරමුල්ල ප්‍රදේශයේ සිට ඉතා කෙටි කාලයකින් රත්මලාන ගුවන් තොටුපළට හා ගාලුපාරට ලඟා විය හැක.

     

    මාලඹේ නගරයේ පවතින අධික රථවාහන තදබදය මගහැර බත්තරමුල්ලේ සිට කඩුවෙල දෙසටත් කඩුවෙල සිට බත්තරමුල්ල දෙසටත් ගමන් කරන වාහන සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මාවත හා තලාහේන අතර විකල්ප මාර්ගයක් සංවර්ධනය කිරීමට යෝජිතය. එමෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ සිට අතුරුගිරිය දක්වා විකල්ප මාර්ගයන්ද සංවර්ධනය කෙරේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya