මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 71,175 ක් පූර්ණ සුවය ලබයි- ආසාදිතයින් 6,308 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි

    පෙබරවාරි 18, 2021

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 77,905 ක් වන අතර ඉන් පුද්ගලයින් 71,175 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

     

    අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 713 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 223 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 281 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    අද (18) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 74,375 ක් වේ.

    ඉන් පුද්ගලයින් 69,782 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 71,316 අද (18) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 77,905 ක් වන අතර ඉන් පුද්ගලයින් 71,175 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (18) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,308 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (18) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 747 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. අද (18) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් වෑඋඩ, කළුතර උතුර, මග්ගොන, බෝම්බුවල, කළුතර, නෑබොඩ, නුවරඑළිය, ආගරපතන, ගම්පොල, පෑලියගොඩ, පානදුර සහ නුගේගොඩ යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (18) දින උදෑසන වනවිටශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 422 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද (18) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92 ක් තුළ පුද්ගලයින් 9,089 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (17) දිනය තුල PCR පරික්‍ෂණ 13,585 ක් සිදුකර ඇත.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya