මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීපව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ආරම්භ කිරීමට පියවර

    පෙබරවාරි 18, 2021

    බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මගින් දේශීය ඇගළුම් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙන් "අත්කමින් ලොවක් දිනන්න" යන තේමාව පදනම් කරගනිමින් දීපව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ආරම්භ කිරීම සිදු කරනු ලබයි.

    ග්‍රාමීය ජනතාවගේ ආදයම් මට්ටම සුරක්ෂිත කරමින්,ස්වයං ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි ඉහළ පිබිදීමක් ඇතිකිරීම හා දේශීය ඇගළුම් නිෂ්පාදන වලට නිසි වෙළදපලක් හිමිකරදීම මෙහි මූලික අරමුණයි.

     හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ අනුශාසකත්වයෙන් ඉඩම් කළමනාකරණ කටයුතු,රාජ්‍ය ව්‍යාපාර,ඉඩම් හා දේපළ සංවර්ධන,පළාත්සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය,ආණ්ඩු පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක රොෂාන් රණසිංහ මැතිතුමන්ගේ ආරාධනයෙන්,වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් හා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අමරකීර්ති අතුකෝරළ මැතිතුමන්,පළාත් ආණ්ඩුකාරතුමන්,පොළොන්නරුව නගරාධිපතිතුමන් ඇතුළු මහජන නියෝජිතයන් හා ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයෙහි අධ්‍යක්ෂතුමන්, රාජ්‍ය නිළධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමේ ව්‍යාපෘතියේ තෙවන සමාරම්භය 2021.02.17වන දින පොළොන්නරුව,තමන්කඩුව,නව නගරයෙහි ඇති ග්‍රාම සංවර්ධන ගොඩනැගිල්ලෙහිදී සිදු විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya