මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශ ලේකම්වරුන් 04 දෙනෙකුට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

    පෙබරවාරි 09, 2021

    රජයේ අමාත්‍යාංශ 04ක ලේකම්වරුන්ගේ සහ නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ සහ සිෂෙල්ස් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ පත්වීම් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක
    සභාව විසින් අද (09) අනුමත කරනු ලැබූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.


    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවති මෙම කාරක සභාවේ රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිළ, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විදුර වික්‍රමනායක සහ මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරු න් ද සහභාගී විය.

    එහිදී නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජේ.එම්.ජේ.පී. බණ්ඩාර මහතාත් සහ සීෂේල්ස් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ශ්‍රීමාල් වික්‍රමසිංහ මහතාත් අනුමැතියට ලක් වී තිබේ.

    මෙයට අමතරව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මාපා පතිරණ මහතාත්, ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ආර්.එම්.අයි.රත්නායක මහත්මියත්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුරාධ විජේකෝන් මහතාත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතාත් අනුමත කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya