මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතියක කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 45ක් ජීවිතක්ෂයට

    පෙබරවාරි 09, 2021

    ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු සතියක කාලය තුළ මෙරට සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 45ක් ජීවිතක්ෂයට පත්වී තිබෙන
    බවත් ඒ අනුව පසුගිය කාලයට වඩා රථ වාහන අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


    මෙම වසර ආරම්භයේ සිට සිදුවූ රථවාහන අනතුරු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.
    මෙම වසරේ ජනවාරි මුල සිට පෙබරවාරි 06 දක්වා කාලය තුළ කාලය තුළ සිදුව ඇති මුළු රිය අනතුරු සංඛ්‍යාව 403ක් වන බවත්, එම අනතුරුවලින් පුද්ගලයින් 266 දෙනෙක් තුවාල ලබා ඇති බවත්, අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, ඒ අනුව දෛනිකව පුද්ගලයින් 6 - 7 ක් පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වන අතර, පුද්ගලයින් 38 දෙනෙකු පමණ තුවාල ලබන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya