මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ගත ශ්‍රමිකයන්ගේ අර්ථ සාධක අරමුදල් කෙළින්ම ශ්‍රී ලංකාවේ අර්ථ සාධක අරමුදලට බැර වන පරිදි නව ගිවිසුමක් - කම්කරු ඇමති

    පෙබරවාරි 09, 2021

    විදේශ ගත ශ්‍රමිකයන්ගේ අර්ථ සාධක අරමුදල් කෙළින්ම ශ්‍රී ලංකාවේ අර්ථ සාධක අරමුදලට බැර වන පරිදි නව ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    මෙරට ශ්‍රමිකයින් රාශියක් ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවල විවිධ ක්ෂේත්‍ර වල සේවය කරමින් සිටින බවත්, ඔවුන්ගේ අර්ථසාධක අරමුදල් බැර වන්නේ එම රටවල පවතින අර්ථසාධක අරමුදල් වලට බවත් සඳහන් කළ කම්කරු අමාත්‍යවරයා, එම මුදල් එම ශ්‍රමිකයින්ට නැවත ලබා ගත හැකි වන්නේ වසර ගණනාවකට පසු බවත් මෙහි දී සඳහන් කළේය.

    ඒ අනුව, මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර එම රටවල වැඩකරන සේවකයින්ගේ එම රටවල පවතින අර්ථසාධක අරමුදල් ඍජුවම මෙරට සේවක අර්ථසාධක අරමුදලට බැර වන ලෙස විශේෂ ගිවිසුමක් එම රටවල් සමඟ අත්සන් කිරීමට තමන් බලාපොරොත්තු වෙන බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya