මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය සෝයා බෝංචි වගාකරුවන්ගේ අස්වැන්න සඳහා වෙළෙඳපොළක් ලබා දෙනවා - වෙළෙඳ අමාත්‍ය

    ජනවාරි 31, 2021

    දේශීයව නිෂ්පාදිත “උමේගා සෝයා තෙල්” නිෂ්පාදන රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමේ ආරම්භය සනිටුහන් කරමින් මෙම මස 27 වන දිනවෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සවයට සහභාගීවෙමින් දේශීය සෝයා බෝංචි වගාකරුවන්ගේ අස්වැන්න සඳහා වෙළෙඳපොළක් ලබා දෙන බව, වෙළෙඳ අමාත්‍ය
    ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    දේශීය සෝයා බෝංචි වගාකරුවන්ට සිය අස්වැන්න අලෙවි කරගත නොහැකි අවස්ථාවකදී එම අස්වැන්න ඉලක්ක කරගනිමින් බිහි වූ United Agri Ventures ආයතනය සතුව රට තුළ වාර්ෂිකව
    වගා කෙරෙන සෝයා බෝංචි අක්කර හැටදහසක වුවද අස්වැන්න භාවිතයෙන් සෝයා තෙල් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයක් පවතින බවත්,මෙම ආයතනය මගින් නිෂ්පාදිත මෙම සෝයා තෙල්
    සඳහා ආනයනය කිරීමේදී සිදුවන බිලියන ගණනක වියදම අවම කිරීමටත්,සෞඛ්‍යයට ඉතා හිතකර වන බැවින් පාරිභෝගිකයාගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.

    දැනට වෙළෙඳපොළ පවත්නා මිලට වඩා අඩු මිලකට රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම සෝයා තෙල් පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කටයුතු සලසා ඇති ආකාරය
    පැහැදිලි කරමින් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දේශීය වගාකරුවන්ගේ අස්වැන්න භාවිතයෙන් නිසි ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින් මෙය සියයට සියයක්ම දේශීය වශයෙන්
    සිදු කෙරෙන නිෂ්පාදන කටයුත්තක් වන අතර එම සෝයා තෙල් අලෙවිය රාජ්‍ය වගකීමක් ලෙස සලකනු ලබන හා එතුළින් පාරිභෝගික ජනතාවගේ සුව පැවැත්මත්,දේශීය සෝයා බෝංචි
    වගාකරුවා දිරිමත් කිරීම හා දේශීය සෝයා තෙල් නිෂ්පාදකයා දිරිමත් කිරීම යන අරමුණු සියල්ලම සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාව මෙමගින් සැලසෙයි.

    එමෙන්ම පොල් තෙල් සඳහා ආදේශකයක් වශයෙන් සෝයා තෙල් භාවිතයට ජනතාව යොමු වුවහොත් එහි ප්‍රතිඵලයක් වශයෙන් නිරෝගී හා සෞඛ්‍යය සම්පන්න වීමත්, දේශීය ආර්ථිකය
    ශක්තිමත් කිරීමටත් අමතරව පොල් සඳහා පවතින ඉහළ මිල පාලනය සඳහාද හැකියාව ලැබෙනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya