මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසිතුරු මත්ස්‍ය ගොවිපල සඳහා සූර්ය පැනල- මත්ස්‍ය කර්මාන්තය වැඩි ලාභයක්

    ජනවාරි 31, 2021

    විසිතුරු මත්ස්‍ය ගොවිපල සඳහා සූර්ය පැනල ලබා දී, එම කර්මාන්තය සඳහා වැය වන වියදම අවම කරමින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය වැඩි ලාභයක් ලබන කර්මාන්තයක් බවට පත් කිරීමට,කටයුතු කරන බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

    අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන විසිතුරු මසුන් අභිජනන මධ්‍යස්ථාන කිහිපයක නිරීක්ෂණයන්ට සහභාගී වෙමින්ය.

    එහිදී අමාත්‍යයවරයා එප්පාවල කෝන්වැව, ඇඳගල යන ප්‍රදේශයන්හී අභිජනන මධ්‍යස්ථානයන කීපයක මඩ පොකුණු, සිමෙන්ති ටැංකි හා වීදුරු ටැංකි තුළ අභිජනනය කරන මසුන් නිරීක්ෂණයකළ අතර, කර්මාන්තකරුවන්ට පවතින ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ජා කරනු ලැබීය.එහිදී කර්මාන්තකරුවන් පෙන්වා දුන්නේ මත්ස්‍ය ටැංකි සඳහා පැය 24 පුරාම ඔක්සිජන් සැපයීම සිදු කරනබැවින්, ඒ සඳහා භාවිතා කරන මෝටර් සඳහා මෙන්ම ගොවිපලේ භාවිත වන විදුලිය සඳහා මසකට රුපියල් 50 000 කට ආසන්න විදුලි බිලක් ගෙවීමට සිදුවන බවයි.

    එම අභිජනන මධ්‍යස්ථානයන්හී ටැංකි පිහිටි ගොවිපල භූමියේ වහළ මත සූර්ය පැනල සවිකිරීමේ හැකියාව සම්බන්ධයෙන් අමාත්‍යයවරයා කර්මාන්තකරුව්න සමඟින් දීර්ඝ වශයෙන් සාකච්ජා
    කළ අතර, කර්මාන්තකරුවන් පෙන්වා දුන්නේ මසුන්ට සූර්යාලෝකය ලැබිය යුතු බවයි, කොකුන් , පිළිහුඩුවන්ගෙන් මත්ස්‍යයින් ආරක්ෂා කර ගැනීමට දැල් ආවරණයක් යොදන බැවින් ඒ
    සඳහා භාවිතා කරන සැකිල්ලම යොදා ගනිමින් සම්පූර්ණයෙන් ආවරණය නොවන ලෙස සූර්ය පැනල සවිකිරීමේ හැකියාව පවතින බවද අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පෙන්වා
    දුන්නේය.එය ගැටලුවක් නොවන බව පෙන්වා දුන් කර්මාන්තකරුවන් අමාත්‍යයවරයාගේ යෝජනාව ඉතා අගනා බවද පැවසීය.

    ඒ අනුව විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සඳහා සූර්ය පැනල ලබා දී ඔවුන්ගේ කර්මාන්තයේ වියදම තවත් අවම කර වැඩි ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීමට අවශ්‍යය කටයුතු කරන බවට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එහිදී කර්මාන්තකරුවන්ට පොරොන්දු විය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

    විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට දේශීයව මෙන්ම විදේශියව විශාල වෙළඳපලක් පැවතියත්, බොහෝ දෙනෙක් මේ කර්මාන්තයන්ට යොමු නොවන්නේ මේ සඳහා දැනුම හා පහසුකම්
    නොමැතිකම නිසාවෙන් බැවින් දැනුම හා අවශ්‍යය පහසුකම් සපයාදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 100 දෙනෙකු නව කර්මාන්තකරුවන් ලෙස පුහුණු කිරීමට අදහස් කරන බවද
    අමාත්‍යයවරයා පැවසීය.

    තවද, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා සූර්ය පැනල ලබා දීම, සහන ණය ලබා දීම, තත්වයෙන් උසස් මත්ස්‍ය පැටවුන් සපයා දී කර්මාන්තයේ ප්‍රමිතිය ඉහළ දැමීම හා නව
    තාක්ෂණික ක්‍රම හදුන්වාදීම සඳහා කර්මාන්තකරුවන්ට පුහුණුවීම් ලබා දීම හා අලෙවිකරණයේ ගැටලු විසඳා දීම කෙරෙහි රජයේ විශේෂ අවධානයක් යොමු කරවමින් මත්ස්‍ය කර්මාන්තයේ
    නියැළෙන පිරිස් නගා සිටුවීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යයවරයා එහිදී පැවසීය.

    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් උතුරු මැද පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශයේ විසිතුරු මත්ස්‍ය විශය භාර නිළධාරීනී ඒ.එම්.එස් කුමාරී මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක්ද
    සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya