මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන්නන්ට වෘත්තීය පුහුණුව

    ජනවාරි 31, 2021

    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ ධීවර අමාත්‍යංශය එක්ව ධීවර කර්මාන්තයේ, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ පාර්ශවකරුවන් වෙත අවශ්‍ය වෘත්තීය පුහුණුව, තාක්ෂණික පුහුණුව සහ වෘත්තීය සහතිකයක් ලබා දීමේ වැඩසටහනක් දියත් කිරීමට නියමිතව ඇත.

    ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විය.
    මෙහිදී 2021 වර්ෂය වෙනුවෙන් පුද්ගලයන් 3000ක් වෙනුවෙන් එම පුහුණුව නොමිලේ NAITA ආයතනයෙන් මගින් ලබා දීමටත් එම වෘත්තිකයන් තෝරා ගැනීම ධීවර දෙපාර්තමේන්තුව, ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සහ නාරා ආයතනය මගින් සිදු කිරීමටත් එහිදී තීරණය කරන ලදි.
    මෙම වැඩපිළිවෙල වෙනුවෙන් NAITA ආයතනය වැය කරන මුදල රුපියල් ලක්ෂ 375කි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya