මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “අමාදම් සිසිලස” 206 වැන්නට අගමැති එක්වෙයි

    ජනවාරි 28, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 206 වැන්න අද (28 දින) විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පැවැත්විණි.

     

    ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නියැළුණු අග්‍රාමාත්‍යතුමා, ධර්ම දේශනය සඳහා වැඩම කළ කොළඹ, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය, ගෞරවාර්හ කෙහෙල්වල නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළේය.

    අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පැවැත්වෙන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 206වැනි ධර්ම දේශනාවට මතෘකාව වූයේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ සතිපට්ඨාන සංයුක්ත සේදක සූත්‍රයයි.

    අත්තානන් භික්ඛවේ රක්ඛන්තෝ පරම් රක්ඛති - මහණෙනි යම්කිසි කෙනක් තමන් රකිනවාද හේ අනුන් රකිනවා වේ පරම් රක්ඛන්තෝ භික්ඛවේ අත්තානන් රක්ඛති - යම් කිසි කෙනක් අනුන් රකිනවද හේ තමන් රැකගත්තා වෙනවා.

    පාලකයෙක් හැටියට ඔබතුමා ජනතාව රකිනවා කියන්නේ ජනතාව ඔබතුමා රකිනවා කියන එකයි. අපි සෑම කෙනක්ම අනුන් වෙනුවෙන් යම් කිසි වැඩ කොටසක් සිද්ධ කරනවනම් එ්ක තමන්ට එක පැත්තකින් පිංකමක් තමන්ගේ මෙලොව පරලොව සුරක්ෂිත බව පිණිස උපකාර වෙනවා කියන එක යැයි ගෞරවාර්හ කෙහෙල්වල නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශනා කළහ.

    ගෞරවාර්හ ආචාර්ය කෙහෙල්වල නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙසේ ද කීහ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය ආදරෙයි. ඒ ආදරය ඔබතුමා රටට ආදරය නිසයි. මේ සම්බුද්ධ ශාසනයට ආදරය නිසයි.

    1873 ආරම්භ කළ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට තමන්ගෙ ධුර කාලය තුළ රාජ්‍ය නායකයෙකු වැඩිම වාර ගණනක් පැමිණ තිබෙන්නෙ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. එම ආයතනයේ දියුණුව වෙනුවෙන් සුවිශාල අනුග්‍රහයක් අග්‍රාමාත්‍යතුමා දරලා තියෙනවා.

    විද්‍යෝදය පිරිවෙනට විතරක් නෙමෙයි රටේ සමස්ත පිරිවෙන් පද්ධතිය වෙනුවෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුවිසල් වැඩ කොටසක් කළා. අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිධූරය දරන සමයේ වැටිලා තිබුණ, මළානික වෙලා තිබුණු මේ රටේ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවන්නත් පිරිවෙන් ගුරුවරයා ශක්තිමත් කරන්නත් විශාල අනුග්‍රහයක් ලබා දුන්නා. රජයේ පාසල් ගුරුවරයාට තිබෙන වරප්‍රසාද පිරිවෙන් ගුරුවරයටත් ලබාදී එදා පිරිවෙන් සේවය සුරක්ෂිත කළා, ස්ථාපිත කළා.

    කෘතවේදිව එය මේ මොහොතේ සිහිපත් කරනවා යැයි ආචාර්ය කෙහෙල්වල නන්ද හිමියෝ පැවසූහ.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්ම දේශනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ පවුලේ කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
    අග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස” 206 වැන්නට එක්වෙයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 206 වැන්න අද 2021.01.28 දින විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පැවැත්විණි.

    ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නියැළුණු අග්‍රාමාත්‍යතුමා, ධර්ම දේශනය සඳහා වැඩම කළ කොළඹ, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය, ගෞරවාර්හ කෙහෙල්වල නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළේය.

    අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පැවැත්වෙන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 206වැනි ධර්ම දේශනාවට මතෘකාව වූයේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ සතිපට්ඨාන සංයුක්ත සේදක සූත්‍රයයි.

    අත්තානන් භික්ඛවේ රක්ඛන්තෝ පරම් රක්ඛති - මහණෙනි යම්කිසි කෙනක් තමන් රකිනවාද හේ අනුන් රකිනවා වේ පරම් රක්ඛන්තෝ භික්ඛවේ අත්තානන් රක්ඛති - යම් කිසි කෙනක් අනුන් රකිනවද හේ තමන් රැකගත්තා වෙනවා.

    පාලකයෙක් හැටියට ඔබතුමා ජනතාව රකිනවා කියන්නේ ජනතාව ඔබතුමා රකිනවා කියන එකයි. අපි සෑම කෙනක්ම අනුන් වෙනුවෙන් යම් කිසි වැඩ කොටසක් සිද්ධ කරනවනම් එ්ක තමන්ට එක පැත්තකින් පිංකමක් තමන්ගේ මෙලොව පරලොව සුරක්ෂිත බව පිණිස උපකාර වෙනවා කියන එක යැයි ගෞරවාර්හ කෙහෙල්වල නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශනා කළහ.

    ගෞරවාර්හ ආචාර්ය කෙහෙල්වල නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙසේ ද කීහ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය ආදරෙයි. ඒ ආදරය ඔබතුමා රටට ආදරය නිසයි. මේ සම්බුද්ධ ශාසනයට ආදරය නිසයි.

    1873 ආරම්භ කළ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට තමන්ගෙ ධුර කාලය තුළ රාජ්‍ය නායකයෙකු වැඩිම වාර ගණනක් පැමිණ තිබෙන්නෙ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. එම ආයතනයේ දියුණුව වෙනුවෙන් සුවිශාල අනුග්‍රහයක් අග්‍රාමාත්‍යතුමා දරලා තියෙනවා.

    විද්‍යෝදය පිරිවෙනට විතරක් නෙමෙයි රටේ සමස්ත පිරිවෙන් පද්ධතිය වෙනුවෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුවිසල් වැඩ කොටසක් කළා. අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිධූරය දරන සමයේ වැටිලා තිබුණ, මළානික වෙලා තිබුණු මේ රටේ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවන්නත් පිරිවෙන් ගුරුවරයා ශක්තිමත් කරන්නත් විශාල අනුග්‍රහයක් ලබා දුන්නා. රජයේ පාසල් ගුරුවරයාට තිබෙන වරප්‍රසාද පිරිවෙන් ගුරුවරයටත් ලබාදී එදා පිරිවෙන් සේවය සුරක්ෂිත කළා, ස්ථාපිත කළා.

    කෘතවේදිව එය මේ මොහොතේ සිහිපත් කරනවා යැයි ආචාර්ය කෙහෙල්වල නන්ද හිමියෝ පැවසූහ.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්ම දේශනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ පවුලේ කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya