මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශු සම්පත් කේෂ්ත්‍රයට ජාතික ප්‍රතිපත්තියක්- විෂය දැවැන්තයන්ගේත්   සහාය - රාජ්‍ය අමාත්‍ය  ඩී.බී.හේරත්

    ජනවාරි 28, 2021

    පශු සම්පත් ක්ෂේත්‍රයට ජාතික ප්‍රතිපත්තියක් විෂය දැවැන්තයන්ගේ සහාය ඇතිව සකස් කරන බව පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය 
    අමාත්‍ය ඩී.බී.හේරත් මහතා  පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ, ගන්නොරුව කෘෂි ජානසම්පත් මද්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා සත්ව නිශ්පාදන සංගමයේ වාර්ශීක සම්මේලනයට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    විදේශ රටවලින් එන කිරිපිටි වල ගුණාත්මකභාවය පිළිබද ගැටළු තියෙනවා.ඒ නිසා තමයි දේශීය නැවුම් කිරි භාවිතය ජනතාවට හුරු කරවන්න අපි කටයුතු කරන්නේ. අප රජය ස්වයංපෝෂිත ආර්ථිකයකට වටිනාකමක් දෙන ප්‍රතිපත්තියක් සකස්  කලා.විවිධ කෙෂ්ත්‍රයන් තුල මේ මහ පොළොවේ නිපදවීමට හැකි දේවල් ආනයනය කිරීම නවත්වන්න අප කටයුතු කලා. පශු සම්පත්  කෙෂ්ත්‍රය ඉන් එකක්.   ජනාධිපතිතුමා  රටට අවශ්‍ය කිරි ටික සපයන්න අපට වගකීමක් පැවරුවා

    . ඒ ජනතාවගේ  ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් සංතෘප්ත කරලා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් හදන්න.ඉතින් අපගේ අමාත්‍යාංශය ඒකට තියෙන අභියෝග එකින් එ ක අරගෙන විග්‍රහ කරලා වර්තමානයට ගැලපෙන විදිහට මෙය ඉ‍ටු කිරීම අපගේ වගකීමක්.

    රටේ කිරි අවශ්‍යතාවයට අපට දැන් ඉන්න දෙනුන්ගෙන් කිරි ගන්න පුලුවන් සාමාන්‍ය අගය ලීටර 1.2 ත් 03 ත් අතරයි  තියෙන්නේ. අපට දීල තිබෙන අභියෝගය තමයි ඉදිරි වසර තුන ඇතුලත ජනතාවගේ දෛනික දියර කිරි අවශ්‍යතාවයෙන් 70% ක් අප රට තුල නිපදවන්න ඕනෙයි කියන කාරණය. දැනට අප රටේ ඉන්න දෙනුන් ලබා දෙන කිරි වලින්   අපගේ අරමුණු කරා යන්න බැහැ.

    ඒ නිසා බිම් මට්ටමේ තිබෙන ගොවිපල හිමියන්ගේ සිට මධ්‍යම පරිමාණයේ ගොවිපල හිමියන් දක්වාම ඔවුන්ගේ කිරි නිශ්පාදනය දෙගුන තෙගුන කිරීමේ ක්‍රියාවලිය සදහා වූ මාර්ගෝපදේශ අප ඔවුන් වෙත කඩිනමින් ලබාදිය යුතුයි. මෙයට අමතරව අප රටට ගැලපෙන දෙනුන් ආනයනය කරන්නත් අප බලාපො රොත්තු වෙනවා. පසු ගිය කාල වලදී අප රටට ආනයනය කල දෙනුන් පිළිබදව නොයෙක් ගැටළු වලට මුහුණදිමට සිදුවී තිබෙනවා.ඒ ආනයනය කිරීම් මගින්  අප බලාපොරොත්තු වූ 

    අරමුණු කරා යන්න අපට නොහැකි වෙලා තියෙනවා.

    එම අමිහිරි අත්දැකීම් අධ්‍යයනය කර අප රටට,දේශගුණයට  ගැලපෙන සතුන්ගෙන ඒමයි අප කල යුතුව තිබෙන්නේ. මෙයට අමතරව තවමත් අප රටේ උතුරු,නැගෙනහිර ප්‍රදේශවල බහුලව ඉන්න බ‍ටු හරක් අප රටට ගැලපෙන,ලෙඩ රෝග වලට ඔරොත්තුදෙන වර්ගයක්. ඒ නිසා ඉදිරියට ආනයනය කිරීමට බලාපොරොත්තුවන සතුන් හා මෙම බ‍ටු හරක්ගෙන් අප රටට ගැලපෙන නව ප්‍රබෙධයක් හැදීමට මේ කේෂත්‍රයේ විද්වතුන් කටයුතු කළ යුතුයි.

    පශු සම්පත් කේෂත්‍රයට තවමත්  ජාතික ප්‍රතිපත්තියක් නැතිකම ලොකු අඩුපාඩුවක් ලෙස අප දකිනවා. අපගේ කාලය තුල එය ඉ‍ටුකිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.
    එයට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඔබතුමාලාගේ මහා දැවැන්ත දර්ශනය,අත්දැකීම් අප වෙත ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.
    අවසාන වශයෙන් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයය සුබ පතන අතර මෙහි ප්‍රධාන නිළතල දරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්,මහාචාර්යවරුන් වන ඔබලාගේ අත්දැකීම්,කුසලතා හා දැනුම විශ්ව විද්‍යාලය තුල පමණක් පරිහරණය නොකර අප දේශය දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීමට ඇවැසි දැනුම හා අත්දැකීම් හා උපදෙස් අප සමග මෙන්ම ග්‍රාමීය ගොවි ජනතාව වෙත බෙදා දීමට කටයුතු කරුනු ඇති බව අපගේ විස්වාසයයි.
    මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් එස්. සේනානායක, එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර ඇතුළු නිළධාරීන්ද,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අංශාධිපති ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ඔවුන් වෙනුවෙන් සේවා ඇගයීම් තිළිණද පිරිනැමුණි.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya