මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමාපියන්ගේ ඉලක්ක වෙනුවෙන් දරුවන්ගේ අනාගත සිහිනය බොඳ නොකරන්න- රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

    ජනවාරි 27, 2021

    දෙමාපියන්ගේ ඉලක්ක වෙනුවෙන් දරුවන්ගේ අනාගත සිහිනය බොඳ නොකරන්න යැයි සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

     

    ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර පණ්ඩුලගම වීරසේකරාරාම විහාරස්ථාන⁣යේ (Loutous Temple) අභිනවයෙන් ආරම්භ කළ පෙර පාසලෙහි 2021 වර්ෂය සදහා ළමුන් ඇතුළත්
    කර ගැනීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

    අනුරාධපුර පණ්ඩුලගම වීරසේකරාරාම විහාරස්ථානාධිපති පොතානේගම සෝමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත එම විහාරස්ථානයේ ලෝටස් කැම්පස්, ලෝටස් ආයුර්වේද රෝහල,  ලෝටස් බෞද්ධ පාසල, ලෝටස් ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල හා පෙර පාසල පවත්වාගෙන යන අතර, එහි පෙර පාසල ආරම්භ කරමින්, 2021 වසර⁣ට දරු දැරියන් ඇතුළත් කර ගැනීම රාජ්‍ය අමාත්‍ය  දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

    එහීදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
    සෑම දෙමාපියකුගේම ඉලක්කය තම දරුවා තමන් සිටින මට්ටමට වඩා ඉහළට ගෙන යාම වූවත්, ඒ ඉලක්කය වෙනුවෙන් දරුවන්ගේ අනාගත සිහිනය බොද කරන්න එපා, සහජයෙන් දරුවන්
    රැගෙන එන දක්ෂතා කුසලතා තියෙනවා, ඒවා සමග දරුවන්ට ඉදිරියට යෑමට සිහිනයන් තිබුනත් පවතින තරගකාරී අධ්‍යාපන රටාව සමගින් දෙමාපියන් දරුවන්ගේ සිහින පසෙකින් තබා,
    දෙමාපියන්ගේ ඉලක්ක සපුරා ගැනීමට දරුවන් වෙනත් වෙනත් මාර්ග වල දරුවන් රැගෙන යනවා, සෑම දෙමාපියකුම තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරියක්, හෙදියක්
    කරන්න පෙර පාසලෙ සිටම වෙහෙසෙනවා හැබැයි ඒ අතර වෙනත් වෘත්තීන් සදහා දක්ෂතා තියෙන දරුවන් ඉන්න පුලුවන්, එවැනි දරුවනට තමන්⁣ගේ දක්ෂතා යටපත් කරගෙන දෙමාපියන්ගේ
    අවශ්‍යතාව වෙනුවෙන් ඇතැම් විට අකමැති දේ ඉගෙන ගන්න සිද්ධ වෙනවා, ඒවාට තියෙන අකමැත්ත නිසා නිසි ලෙස දරුවන් අධ්‍යාපනය හදාරන් නැති වෙන්නත් පුලුවන්.ඒ නිසා දරුවන්ගේ
    අනාගත සිහින වෙනුවෙන් දෙමාපියන් කුඩා කළ සිටම පාර පෙන්වන්න යැයි අමාත්‍යවරයා එහි සිටි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි අතර, එදින පෙර පාසල් අධ්‍යාපනට ආරම්භ කළ සිගිති දුවා
    දරුවන්ට ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ ආශිර්වාදයද ප්‍රාර්ථනා කළහ.
    අනතුරුව පොතානේගම සෝමරතන ස්වාමීන් වහන්සේ පවත්වාගෙන යන ලෝටස් ආයුර්වේද රෝහලද අමාත්‍යවරයා නිරීක්ෂණය කළහ.
    මෙම අවස්ථාවට පොතානේගම සෝමරතන ස්වාමීන්වහන්සේ පෙර පාසල් ගුරුභවතුන්, පෙර පාසල් දූ දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya