මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ලොවෙහි නොමැකෙන නම්දැරූ දැයේ අනාගතයේ සුවහසක් නෙත් පෑදූ අසහාය යුග පුරුෂයාණන් දැයෙන් සමුගනී

    ජනවාරි 25, 2021

    වර්ෂ 1922 දෙසැම්බර් 03 වන දින දකුණු ලක උණවටුන ප්‍රදේශයේ උපන් කලාකීර්තී කලාසූරී ආචාර්ය එඩ්වින් ආරියදාස නම් අපරටේ ජනමාධ්‍ය ලොවෙහි නොමැකෙන නම්දැරූ ඒ අසහාය යුගපුරුෂයාණන් පසුගිය 22 වනදා අනූඅට වසරක් ආයු වළදා තම ජීවන ගමනට විරාමය තැබූ අතර අද දින 25 සවස් භාගයේදී බොරැල්ල සුසාන භූමියේ දී  රාජ්‍ය අනුග්‍රහය යටතේ මධ්‍යයේ එතුමන්ගේ දේහයේ අවසන් කටයුතු සිදුකෙරිණි.


    ජනමාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන් කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අවසන් කටයුතු
    අද දින සිදුවිය.


    අප රටෙහි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක උපදේශකවරයෙකු සේම විශිෂ්ඨ පරිපාලකවරයෙකු ලෙසද කටයුතු කළ එඩ්වින් ආරියදාසයන් රටට දැයට අමිල සේවාවක් ඉටුකරමින්
    ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍ර වල පවා අවදානයට ලක්වෙමින් දෙස් විදෙස් සම්මානයන්ට පවා පාත්‍ර විය.


    එමෙන්ම විශිෂ්ඨ ගත් කතුවරයෙකු, පරිවර්තකයෙකු, ජනමාධ්‍ය පර්යේෂකවරයෙකු, සිනමා හා සාහිත්‍ය විචාරකයෙකු මෙන්ම පරිසරවේදියෙකු වූ එතුමන් අප රටේ අසහාය විශ්වකෝෂයක් බදුවූ හෙයින් ඇවිදින පුස්තකාලය නමින් ද විරුධාවලියට පාත්‍ර විය.

    දැයේ දැනුම් පිපාසිත සුවහසක් දූ දරුවන්ගේ නෙත් පාදමින් මාධ්‍ය ක්ෂේත්‍රයට අත්පොත් තබන්නන් හට නිර්ලෝභීව දැනුම බෙදාදුන් අසහාය ගුරු පියෙකුගේ භූමිකාවද ඔහු මනාව ඉටු කළේය. මේ මළ හිරු බසිනා සන්ධ්‍යාවේ දැයක් එළිය කළ මිණි පහන සියවස් ගණනාවකට නොමැකෙන පරිදි අනාගතයට ආලෝකයක් ලබාදී නිවී ගොස් ඇත.

    මෙලෙස රටට දැයට අපරිමිත ලෙස යුතුකම් ඉටුකර නික්ම යන අසහාය යුග පුරුෂයාණෙනි, ඔබට සුභ ගමන්...!

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya