අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත එක්වීම සඳහා තරුණ තරුණියන් වෙත ඇරයුම්

    ජනවාරි 25, 2021

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනිකයින් බදවාගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවයෙන් යුතුවසියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන ආවරණය වන පරිදිඉදිරි මාස තුන තුළ (ජනවාරි-මාර්තු) ගම් මට්ටමින් දිවයින පුරා සිටින තරුණ තරුණියන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බඳවා ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භකර තිබේ.

    දේශයේ වඩා විනයවත්ම මෙන්ම මනා සංවිධාන මානව සම්පතකින් යුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුරප්පාඩුව පවතිනපොදුරාජකාරිසහ ක්ෂේත්‍රයන්හි පවතින පුරප්පාඩු සම්පූර්ණ කරීම සඳහා සෞඛ්‍ය සම්පන්න තරුණ තරුණියන්ටආරාධනා කෙරේ.

    2020 දෙසැම්බර් 22 සිට 31 දක්වා කාලය තුළ යාපනය, මුලතිව්, කිලිනොච්චි, වන්නි, මධ්‍යම, නැගෙනහිර සහ බටහිර යන සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථානමට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමෙන් අනතුරුව නව ආධුනිකයින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.මේ සඳහා සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හී බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීගේඅධීක්‍ෂණය යටතේ බලසේනාධිපතිවරයෙකුගේ සභාපතීත්වයෙන් යුතුව ආධුනිකයින් බදවාගැනීමේ මණ්ඩලයක් පත්කරනු ලැබේ.

    ඒ අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබා දුන් මාර්ගෝපදේශයන්ට අනුව ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නන්දන දුනුවිල සහ ආධුනිකයින්බඳවා ගැනීමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීI ලුතිනන් කර්නල් ශීරෝන්මොල්ලිගොඩ ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබු මෙම වැඩසටහන තුළින් සෑම ගමකින්ම අවම වශයෙන් තරුණයන් තිදෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත බදවා ගැනීම අරමුණු කෙරේ.

    එබැවින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වීමට කැමති ඔබ සඳහාවයස් සීමාවන්, අධ්‍යාපනයසුදුසුකම්, වැටුප් විස්තර, වරප්‍රසාද, දීමනා,වෛද්‍ය, වෙනත් පහසුකම් සහඅවශ්‍ය සියලුම ලියකියවිලි පිළිබඳව විස්තර පහතින් දක්වා ඇති දුරකථන අංක ඔස්සේ අදාළ ආරක්‍ෂක සේනාමුලස්ථානයන්හී ආධුනිකයින් බඳවා
    ගැනීමේ නිලධාරියා ඇමතීමෙන්හෝ අදාළ ප්‍රදේශවල පිහිටි ආසන්නතම හමුදා කඳවුර වෙත පැමිණිමෙන් දැනගැනීමට හැකියාව ඇත.

    දුරකථන අංකයන්:
     
    ආසේමු - යාපනය                          - 011
    4056102 / 076 5303715
    ආසේමු - වන්නි (වව්නියාව)       - 076 6907293
    ආසේමු - නැගෙනහිර (වැළිකන්ද) - 027 2259128 / 076
    6907297
    ආසේමු - කිලිනොච්චි                 - 076 4514395 /
    070 1918333
    ආසේමු - මුලතිව්                    - 071 2138268
    ආසේමු - බටහිර  (පනාගොඩ)  - 076 5303721
    ආසේමු - මධ්‍යම (දියතලාව) - 076 6907304 /
    0765303719
    ආධුනිකයින් බදවාගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය (කොහුවල) -
    0112815080/0113137553

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya