මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් සමරුමට සමගාමීව මෙරට පාරිභෝගික නිෂ්පාදන 30 කට ඔස්ට්‍රියාවේ වෙළඳපොළ ඇරේ

    ජනවාරි 20, 2021

    ඔස්ට්‍රියාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව, ඔස්ට්‍රියාව තුළ අලෙවි කළ හැකි ශ්‍රී ලාංකික පාරිභෝගික නිෂ්පාදන භාණ්ඩ 30 ක් සඳහා තරඟකාරී සැපයුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට එරට එම්ටීසී එක්සොටික් සමාගම සැලසුම් කරයි.

    එම්ටීසී එක්සොටික් සුපිරි වෙළඳසැලෙහි සහාය ඇතිව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කිසිදු වියදමකින් තොරව වියානා හි නගර මධ්‍යයේ ස්ථානගත කිරීම සඳහා වෙළඳපොළ රාක්කවල ඉඩකඩ ලබා ගැනීමට තානාපති කාර්යාලට මේ වන විටත් හැකි වී තිබේ. මෙම මුලපිරීම මඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ඔස්ට්‍රියාවේ නව වෙළඳපොළ අවස්ථා ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇත.

    එම්ටීසී එක්සොටික් යනු ශක්තිමත් පාරිභෝගික පදනමක් සහිත ඔස්ට්‍රියාවේ ජනප්‍රිය සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර, එමඟින් ශ්‍රී ලංකා නිෂ්පාදන ස්ථානගත කිරීමට සහ වෙළඳපොළ කොටස
    ඉහළ නැංවීම සඳහා කදිම වේදිකාවක් සපයනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya