මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගව වෛරසයට එන්නත් සාර ලංකාවේ නිපදවන ලෙස රාජ්‍ය ඇමතිගෙන් උපදෙස්

    ජනවාරි 20, 2021

    ගව වෛරසය පිළිබද කමි‍ටු වාර්තාව අමාතාංශ ලේකම් එස්.සේනානායක මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා වෙත පිළිගැන්වීම  පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා වෙත (19) දින අමාත්‍යාංශයේදී පිළිගැන්වීම සිදු කෙරිණි.


    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, දකුණු අප්‍රිකාවේ තිබූ මෙම රෝගය මැදපෙරදිග සිට නේපාලය හා ඉන්දියාව හරහා ලංකාවට පැමිණ තිබේ.ඒ පසුගිය ඔක්තෝම්බර් මාසයේදීයි. ලංකාවේ පලමුවන රෝගී ගවයා මුණ ගැසෙන්නේ කෝපායි වලින්.මෙම රෝගයේදී ගවයාගේ සම මතුපිට ගැටිත්තක් හටගෙන පැසවා සැරව ගැලීමක් සිදුවේ.මේ හරහා කිරි දෙන සතුන්ගේ කිරි අස්වැන්න තරමක් දුරට පහල වැටීමක් සිදුවේ.නමුත් ක්‍රමාණුකූලව දින දෙක තුනක් වැනි කෙටි කාලයකින් ස්වාභාවිකවම නිරෝගී බවට පත් වන බව නිරීක්ෂණය වී ඇත.


    මෙම රෝගය මර්දනය සදහා අදියර දෙකකින් ක්‍රියාත්මක වැඩපිලිවෙලක් පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය
    අමාත්‍යාංශය ක්‍රියාවට නැංවීමට පියවර ගැනේ.
    පලමු අදියර වන්නේ ඒ සදහා අවශ්‍ය එන්නත කඩිනමින් විදේශයෙන් ගෙන්වීමයි. එක එන්නතක් සදහා වැය වන්නේ රුපියල් 750.00 ක පමණ මුදලකි. දෙවෙනි අදියර වන්නේ රෝගයට අදාල එන්නත අමාත්‍යාංශය යටතේ පවතින පොල්ගොල්ලේ පිහිටි සත්ත්ව එන්නත් සාර නිෂ්පාදනාගාරයේ නිපදවීමයි. ඒ සදහා දැනටමත් අවශ්‍ය උපදෙස් එම ආයතනයට ලබා දී ඇත.එය නිමවන තෙක් අවශ්‍ය එන්නත් සාර ආනයනය කරනු ලබයි.

    කෙසේ වෙතත් මෙම රෝගය වේගයෙන් ව්‍යාප්ත නොවන අතර මාරාන්තික නොවීමද කිව යුතුයි. එමෙන්ම මෙය එක වරක් සෑදුණු පසු යලි නොසෑදීමද කිව යුතුයි.මෙම රෝගය වැළදීමේ සම්භාවිතාව පවතින්නේ සත්ව ගහනයෙන් 40% පමණ ප්‍රමාණයකට බවද කමි‍ටු වාර්තාවේ සදහන් බව අමාත්‍යවරයා පැවසුවේය. එමෙන්ම එම සෑදෙන ප්‍රමාණයෙන් ද 5% කට පමණක් ඇතැම්විට මාරාන්තික විය හැකියි.

    මෙම ප්‍රතිකර්ම කිරීමට අමතරව මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා අමාත්‍යංශය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව සාකච්ඡා කොට තීන්දු කීපයක් ගෙන තිබේ. ඒ යටතේ ගවයින් ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලියට පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශය සහ ප්‍රවාහන බලපත්‍රය අනිවාර්ය කෙරේ. එමගින් රෝගී සතුන් ප්‍රවාහනය කර රෝගය පැතිරීම වලක්වා ගැනීම මෙහි අරමුණ බව අමාත්‍ය ඩී.බී.හේරත් මහතා කියා සිටියේය. තවද මේ පිළිබදව ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා දැනුවත් කර ඔවුන්ගේ සහායද මෙම ක්‍රියාවලියට දායක කර ගැනීමට නියමිතයි.


    එමෙන්ම උතුරු පළාත තුල මේ වන විට මෙම වෛරස් ව්‍යාප්තිය ස්වාභාවිකවම මර්දනය වෙමින් පවතින බව උතුරු පළාත් පශු වෛද්‍ය අධ්‍යක්ෂ මෙම වාර්තාව තුළ පෙන්වා තිබීමද අවධානයට ලක්කලයුතු කරුණක් බව අමාතයවරයා කියා සිටියේය.

    මෙම රෝගය පිළිබදව ගොවි මහතුන් කලබල නොවී පළාතේ පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුගමනය කරන ලෙසද එමෙන්ම මාධ්‍යවේදීන් මෙම රෝගය පිළිබදව
    ජනතාව හා අමාත්‍යාංශය වෙත තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේදී සිදුකල කාර්යභාරයද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.

    මෙහිදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය රංජනී හෙට්ටිආරච්චි මහත්මිය කියා සිටියේ මෙම රෝගය මැස්සන්,මදුරුවන් හා කිනිතුල්ලන් වැනි සතුන් මගින් රෝගය බෝවන බවයි. එම නිසා තම ගොවිපලවල් පිරිසිදුව තබාගන්නා ලෙසද ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
    ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයට මෙම රෝග සාම්පල යවා නිසි පරිදි පරීක්ෂා කළ බවත් ඒ අනුව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බවද ඇය පැවසීය.
    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එස්.සේනානායක, ස.නි.හා සෞ.දෙ.අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය රංජනී හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් (පශු සම්පත් වැ.ආ) වෛද්‍ය නිරෝෂන් ගමගේ සහ අනිකුත් කමි‍ටු සාමාජිකයින් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya